සිඟිති දූදරුවන්ගේ ජීවිත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් ගුණදහමින් පෝෂණය කිරීම පිණිස ආරම්භ වූ ළමා දහම් වැඩසටහන මෙම ඉල් පුන් පොහෝ දා (නොවැ. 25) පෙ.ව. 8.00 සිට සවස 4.00 දක්වා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පවත්වනු ලැබීය.

අෂ්ඨාංග උපෝසථ සීලය සමාදන් වූ සියලුම දූ දරුවන් දාන, ශීල, භාවනා ආදී පුණ්‍යක්‍රියාවල දවස පුරාම ඉතාමත් උනන්දුවෙන් නිරත වන අන්දම සියල්ලගේම සිත් සතුටු කරවන දසුනක් විය. සහභාගී සියළුම දරුවන් හට ගිලන්පස හා දහවල දානය සපයනු ලැබුවේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ අමාදම්විල යොවුන් බෝධිඥාන සභාවේ යොවුන් දරුවන් විසිනි. එසේම වටිනා දහම් කරුණු ඇතුළත් මාහැඟි දහම් පත්‍රිකාවත් ද සියළුම දරුවන් වෙත පිරිනමන්නට සංවිධාන කමිටුව කටයුතු යොදා තිබුණි.

තම දූදරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන අතරම ඔවුන්ගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් යහපත් කරගැනීමට උපකාර වෙන ගුණධර්මයන් ඇතිකර ගැනීමට උපකාර කිරීම දෙමව්පියන්ගේ වගකීමයි. එම නිසා ඔබේ දූදරුවන් ද මෙම දහම් වැඩසටහනට යොමු කරන්න. ඔබේ දරුවන්ගේ ජීවිත තුළට බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකතු වුනොත් ඔවුන් අනාගතයේදී මේ විෂම සමාජය තුළ යහපත් පුද්ගලයන් බවට පත්වනු ඇත.

සිඟිති දූදරුවන්ගේ ජීවිත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් ගුණදහමින් පෝෂණය කිරීම පිණිස ආරම්භ වූ ළමා දහම් වැඩසටහන මෙම ඉල් …

Posted by Mahamevnawa Monastery on Friday, November 27, 2015