අපවිත්‍ර ජලය පානය නිසා වකුගඩු අක්‍රීය වීමේ රෝගයට ගොදුරු වීමේ අවදානමෙන් පෙලෙන අප සහෘද ජනතාව වෙත වස විසෙන් තොර පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍ය ව්‍යාපෘතියයි “පිවිතුරු පැන් පූජා”. මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ශ්‍රද්ධා ගුවන් විදුලියේත් නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පින්බර පුණ්‍ය සංකල්පනාවකට අනුව ආරම්භ වූ පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතියේ 11 වන දියවර ඔස්සේ කන්තලේ, වාන්ඇල ශ්‍රී බෝධිමංගලාරාම විහාරස්ථානය අවට වෙසෙන අපේ ම සහෘද ජනතාව උදෙසා පානීය ජලය ලබා දීමේ පුණ්‍ය මංගල්‍යය 2015-12-05 වන දින සිදු විය.

මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය උදෙසා බැතිබර දයකත්වය දරන්නේ නාවික ඉංජිනේරු පින්වත් අජිත් ජයසිංහ මහතා ඇතුළු මිතුරු කැල විසිනි.

මේ පුණ්‍ය කර්මයෙන් රැස් වූ සියලු පින් පින් කැමති සියලුම දෙවියන්ට ද අනුමෝදන් වෙත්වා! සියලු නාගයින්ටද අනුමෝදන් වෙත්වා!

රැස් වූ සියලු පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද, සියලු සිල් ගුණ දම් සුරකින මහ සඟරුවනට ද, අනගාරිකා මෑණීන් වහන්සෙලාට ද, පැවදි අපේක්ෂක දරුවන්ට ද, අනුමෝදන් වෙත්වා!

එමෙන් ම මේ පුණ්‍ය කටයුත්ත සඳහා දායකත්වය දරන අජිත් ජයසිංහ මහතා ඇතුළු මිතුරු පිරිසට ද, ඒ සියලු දෙනාගේ පවුලේ සියලු ඥාතීන්ටද, අනුමෝදන් වෙත්වා!

මෙම ජල පිරිපහදු ඒකක තනවනු පිණිස ශ්‍රමදායකත්වය ලබාදුන්, පවත්වාගැනීම පිළිබඳ වගකීම දරනා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තැන්පත් පල්ලේගම මැතිඳුන් ඇතුලු දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටද මේ පින් අනුමෝදන් වෙත්වා!

මේ ජල පිරිපහදු ඒකක සඳහා පිරිවැය දරමින් මෙන්ම ශ්‍රමයෙන් ද දායකත්ය දැක්වූ සුපින්වත් සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා!

නිදුක් නිරෝගී සුවපත් භාවය උදෙසාත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ උතුම් පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා!

දැක බලා අනුමෝදන් වන සුපින්වත් ඔබටත් නිදුක් නිරෝගී සුවපත් බාවය උදෙසාත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ උතුම් පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා!

තෙරුවන් සරණයි!

අපවිත්‍ර ජලය පානය නිසා වකුගඩු අක්‍රීය වීමේ රෝගයට ගොදුරු වීමේ අවදානමෙන් පෙලෙන අප සහෘද ජනතාව වෙත වස විසෙන් තොර පිරිසිදු පා…

Posted by Shraddha TV (සුපහන් සිත) on Sunday, December 6, 2015