සිඟිති දූදරුවන් වෙනුවෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සෑම පුන් පොහෝ දිනකම පවත්වනු ලබන ළමා සදහම් වැඩසටහන තුන්වන වරටත් මෙම උඳුවප් පුන් පොහෝ දිනයේද (දෙසැ. 24) පෙ.ව. 8.00 සිට සවස 4.00 දක්වා පවත්වනු ලැබීය.

අෂ්ඨාංග උපෝසථ සීලය සමාදන් වූ සියලුම දූ දරුවන් දාන, ශීල, භාවනා ආදී පුණ්‍යක්‍රියාවල දවස පුරාම ඉතාමත් උනන්දුවෙන් නිරත වන අන්දම සියල්ලගේම සිත් සතුටු කරවන දසුනක් විය. සහභාගී වූ සියළුම දරුවන් හට ගිලන්පස හා දහවල දානය සපයනු ලැබුවේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ අමාදම්විල යොවුන් බෝධිඥාන සභාවේ යොවුන් දරුවන් විසිනි. එසේම වටිනා දහම් කරුණු ඇතුළත් මාහැඟි දහම් පත්‍රිකාවත් ද සියළුම දරුවන් වෙත පිරිනමන්නට සංවිධාන කමිටුව කටයුතු යොදා තිබුණි.

තම දූදරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන අතරම ඔවුන්ගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් යහපත් කරගැනීමට උපකාර වෙන ගුණධර්මයන් ඇතිකර ගැනීමට උපකාර කිරීම දෙමව්පියන්ගේ වගකීමයි. එම නිසා ඔබේ දූදරුවන් ද මෙම දහම් වැඩසටහනට යොමු කරන්න. ඔබේ දරුවන්ගේ ජීවිත තුළට බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකතු වුනොත් ඔවුන් අනාගතයේදී මේ විෂම සමාජය තුළ යහපත් පුද්ගලයන් බවට පත්වනු ඇත.

සිඟිති දූදරුවන් වෙනුවෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සෑම පුන් පොහෝ දිනකම පවත්වනු ලබන ළමා සදහම් වැඩසටහන තුන්වන වරටත්…

Posted by Mahamevnawa Monastery on Thursday, December 24, 2015