පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017 අප්‍රේල් මස 10 වෙනි දින (බක් පුන් පොහෝදා) සංයුත්ත නිකායේ (2) අචේලකස්සප සූත්‍රය විස්තර කරමින් පවත්වන්නට යෙදුණු සුමධුර ධර්ම දේශනය…
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද බක් පුර පසළොස්වක් පොහෝ දවසේ අපි සියලු දෙනා බලාපොරොත්තු වන්නේ අපගේ ශ්රාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන් වහන්සේ විසින්වි වදාරණ ලද උතුම් ධර්මය ශ්‍රවණය කරන්ටයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ මිනිස්සුන්ගේ සිත් වල ඉතා සොඳුරු හැඟීම් ඇති වුනා. ඒ තමයි “කුසල් මොනවාද ? සත්‍ය කුමක් ද?” කියලා මිනිස්සු ඒ කාලේ හොයාගෙන ගියා. අද තියෙන්නේ මොනවා ද? අද හොයන්නේ රොඩු මොනවා ද කියලා. ඒ කියන්නේ කුණු රොඩු හොයන යුගයේ හැමතැනම හොයන්නේ රොඩු… ඒ කාලේ හෙව්වේ සත්‍යය මොනවා ද (කිං සච්ච ගවේසි), කුසල් මොනවා ද කියලා හොයනවා. එතකොට සත්‍යය මොනවා ද කුසල් මොනවාද කියලා හොයද්දිත් රොඩු මොනවා ද කියලා හොයද්දිත් ඒකේ වෙනසක් නැද්ද ?. වෙනසක් තියෙනවා.
ඒ කුසල් මොනවා ද (කිං කුසල ගවේසී) සත්‍යය කුමක් ද කියලා හොයපු යුගයේ තමයි අපගේ ශාස්තෘන් වහන්සේ පහළ වුනේ. ඒ කාලේ මනුශ්‍යයන්ට ඉතාම පහසුවෙන් වටහාගැනීමේ පහසුව තිබ්බා. ඒ කාලේ මිනිසුන් අහපු දේවල් ඇසීම් මාත්‍රයකින් අවසන් වුනේ නෑ… ඒ කියන්නේ ඒ අහන දේවල් ඔවුන්ගේ සිත් තුළට කිඳාබහිනවා. ඊලඟට ඒ අහන දේවල් ඔවුන්ට අවබෝධ වෙනවා. ඒ අහන දේවල් වලින් ඔවුන් ප්‍රතිඵල නෙලාගන්නවා. එතකොට එබඳු යුගයක නානාප්‍රකාර මිනිස්සු හිටියා. නමුත් ඒ මනුශ්යන් තුළ අර අපි කියපු “මේ සත්‍යය කුමක් ද? කුසල් කුමක් ද?” කියලා අවංකව සොයන අදහස ඔවුන්ගේ සිත් තුළ දැල්වී දැල්වී තිබුනා.. පහනක් දැල්වෙනවා වගේ ඔවුන්ගේ සිත් තුළ දැල්වෙමින් තිබුනා. සත්‍යය දැකීමේ ආශාව.. ඉතින් එබඳු මිනිස්සුන්ට තමයි අපේ ශාස්තෘන් වහන්සේ ධර්මය දේහනා කළේ. අද අපි ඒ එක් දහමක් අසන්නටයි සූදානම් වෙන්නේ… මේ දේශනාවේ නම අචේල කස්සප සූත්‍රය. මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ. කස්සප කියන වචනය සාමාන්‍යෙයෙන් යොදන්නේ බ්‍රහ්මණයන්ට.. ඒ කියන්නේ ගෝක්රයක් තියෙනවා කාශ්‍යප කියලා.. එතකොට ඒ කාශ්‍යප ගොත්‍රයෙන් ආපු තවුසෙක් අචේල කස්සප කියන්නේ…
● ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න »
Leave A Comment