ඉතා දුර්ලභව ලබන මිනිසත් බව රැකදෙනු පිණිස අහිංසක දරු සිඟිත්තන් දහස් ගණනකට අභයදානය පුද කරමින් කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු ඒකකයට අත්‍යවශ්‍යව තිබූ අධික මූල්‍යමය වටිනාකමකින් යුතු ළදරු සුරැකුම් කුටීර (Infant Incubator) 4ක් සහ විශේෂ ශ්වසන ආධාරක උපකරණ (ventilator) 4ක් පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයක් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය මගින් 2018-12-18 දින සිදුකෙරිනි. මේ සඳහා මෙත් සිතින් යුතුව දායකත්වය දැක්වූයේ විශ්ව පාරමී පදනමයි.
මෙම පුණ්යකර්මයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වය දැරූ පින්වතුන්ටත්, ශ්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලු දෙනාටත්, එමෙන් ම ශ්‍රද්ධා නාලිකාව පවත්වාගැනීමට උපකාර කරන මාසික ධර්මදාන පින්වතුන්ටත්, දැක බලා සිත් පහන් කරගන්නා සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම උපකාර වෙත්වා!
නමෝබුද්ධාය. සාදූ…සාදූ….සාදූ…ඒ උතුම් පුන්‍යකර්මය මම ද අනුමෝදම් වේමි. මෙම පුන්‍යකර්මයට සහසම්බන්ධවූ සියලුම දෙනාට මෙම උතුම් පුන්‍ය බලයෙන් චතුරාර්ය සත්‍යධර්මය වහා වහා අවබෝධවේවා….
ජීවිතයක වටිනාකම දන්නේ කරැණාව මෛත්‍රී ගුණ සපිරි මිනිසුන්මය. දුර්ලභව ලද මනුසත් බව රැක ගැනීමට උපකාර කිරීම මහඟු පින් කටයුත්තක්මය.
තවත් මව්වරැනගේ හදවත් වලට මෙමගින් මහත් අස්වැසිල්ලක් වනු ඇත.උපකරණ හිඟතාවය නිසා බිළිඳු ජීවිත කොපමණ අහිමි වන්නට ඇත්ද.ඇසට කඳුලක් නැගුනා මෙය දකිද්දීම.
මේ සදහා මග පෙන්වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අසපුවාසී සියලුම ස්වාමීන් වහන්සේලාටද බරපැණ දැරෑ සියලුම පින්වතුන්ටද නිදුක් නීරෝගි සුවපත් බව ලැබේවා!!!
ඒ උතුම් අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!!
දැක බලා සතුටු වූ අපහටද මේ උතුම් පින චතුරාර්ය අවබෝධ වීම පිණිස උපකාර ධර්මයක් වේවා!!!සාදු සාදු සාදු!!!