පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 28 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම පසුගිය 2019-04-06 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනි. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 285 පමණ පිරිසක් තම රුධිරය පරිත්‍යාග කළහ. ඒ සියලු දෙනාට ආහාරපානාදියෙන් සංග්‍රහ කළේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුනුත් යොවුන් බෝධිඤාණ සභාවේ දරුදැරියනුත් විසිනි. එමෙන්ම රුධිරදායකයන් සියලු දෙනාටත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දහම් පොත් පත් සහ මහාමේඝ පුවත් සඟරාව ධර්මදානයක් ලෙස ලබාදෙන ලදී.
“මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු” යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන අසරණ රෝගියෙකු මරණයෙන් ගලවා ගැනීම පිණිස තම රුධිරය පරිත්‍යාග කළ ඒ සියලු දෙනාටත් මේ පින්කම සාර්ථක කරගැනීම සඳහා අවවාද අනුශාසනා ලබාදුන් පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ආහාරපානාදියෙන් සංග්‍රහ කළ සියලු පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ඉතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ සියලු පින් හේතුවාසනා වේවා!
සියල්ලෝම මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
සාදු සාදු සාදු!!!
සිංහල ජාතිය දන් දෙන්නම උපන්න ජාතියක්.
බෞද්ධකමත් සිංහලකමත් එක්වුන පින්බර මොහොතක්. තව කෙනකුගේ දිවි බේරා ගැනීමට රුධිරය නිර්ලෝභීව ලබාදීම මොන තරම් පිනක්ද.සත්පුරුෂ ඇසුර සම්පතක්මය.සත්පුරුෂයෝ සියල්ලන්ගේ දිවි රැකදීමට වෙහෙසෙයි.මම කිසිම දිනක ලේ දන්දී නැති අතර ඒ සදහා ඉතා කැමැත්තෙන් පසු වෙමි.අනේ මටද එක් වරක් හෝ ලේ ටිකක් දන් දී ජීවිතයක් බේරා ගැනීමට හැකි වේවා!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද
මේ සදහා සහභාගි වූ සියලු ස්වාමීන් වහන්සේලාටද, සියලු පින්වතුන්ටද දැක බලා සතුටුවූ අප සියලු දෙනාටද නිදුක් නීරෝගි සුවපත් බව ලැබේවා!!!උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කිරීමට මේ උතුම් පින උපකාරක ධර්මයක් වේවා!!!
සාදු සාදු සාදු!!!