ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වීමටත් කලින් අන්තර්ජාතික සම්මාන ලබාගත් වෙනස්ම තේමාවක් රැගත් “විෂම භාග” චිත්‍රපටය ප්‍රථම වතාවට ප්‍රදර්ශනය වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේදී. ඒ පිළිබඳ විවරණයකට මෙල්බර්න් හි SBS සිංහල සේවයේ මැදිරියට පැමිණි චිත්‍රපටයේ ප්‍රමුඛ චරිතයකට පණපොවන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි, චිත්‍රපටයේ තිර රචක සහ අධ්‍යක්ෂ ලලිත් රත්නායක සහ නිෂ්පාදනය කළ අළුදෙනියේ සුබෝධි ස්වාමීන්වහන්සේ සමඟින් SBS සිංහල සේවය සිදුකළ විශේෂ සාකච්ඡාව…