බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති කැලණිය විශ්ව විද්‍යාලයේ 147 වන උපාධි ප්‍රදානෝත්වයේ දී පුරාවිද්‍යා විෂයයන් සඳහා පිරිනැමුනු ස්වර්ණ මුද්‍රිකා (Gold Medals) පහම සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමිපාණන් වහන්සේ විසින් දිනාගනු ලැබුවා.
🥇 අභිලේඛන හා නාණක විද්‍යාව විෂයයෙහි විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන සෙනරත් පරණවිතාන ස්වර්ණ මුද්‍රිකාව (Senarath Paranavitana Gold Medal for The Most Outstanding Academic Achievement in Epigraphy And Numismatics),
🥇 ප්රාග් සහ පූර්ව ඉතිහාසය විෂයයෙහි විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන සිරාන් දැරණියගල ස්වර්ණ මුද්‍රිකාව (Siran Deraniyagala Gold Medal for The Most Outstanding Academic Achievement in Pre and Proto History),
🥇 පරිසර පුරාවිද්‍යාව විෂයයෙහි විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන සේනක බණ්ඩාරනායක ස්වර්ණ මුද්‍රිකාව (Senake Bandaranayake Gold Medal for The Most Outstanding Academic Achievement in Environmental Archaeology),
🥇 පුරාවිද්‍යා පර්යේෂණ චින්තනය පිළිබඳ විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් ස්වර්ණ මුද්‍රිකාව (Sir Alexander Cunningham Gold Medal for The Most Outstanding Academic Achievement in Archaeological Research Thought)
🥇 පුරාවිද්‍යා විෂයයන්හි සමස්තයක් ලෙස දක්වන ලද අධ්‍යයන විශිෂ්ටතාවය වෙනුවෙන් පිරිනමන ශ්‍රීමත් කොලින් රෙන්ෆ්රූ ස්වර්ණ මුද්‍රිකාව (Lord Colin Renfrew Gold Medal for The Most Outstanding Overall Academic Achievement in Archaeology)
කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය විසින් එසේ උන්වහන්සේ වෙත පිරිනමනු ලැබුවා.
කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් ඒ ඒ විෂයයන් සඳහා A+ සාමාර්ථයක් සහිතව වැඩිම ලකුණු ලබාගන්නා විද්‍යාර්ථීන් වෙත එම මුල් රන් පදක්කම් සතර පිරිනමන අතර සියලුම පුරාවිද්‍යා විෂයයන් සඳහා A+ සාමාර්ථයන් ලබාගනිමින් වැඩිම GPA අගයක් සහිතව විශිෂ්ඨතම අධ්‍යයන කුසලතා දක්වන විද්‍යාර්ථියා වෙත ශ්‍රීමත් කොලින් රෙන්ෆ්රූ ස්වර්ණ මුද්‍රිකාව පිරිනමනු ලබනවා.
උන්වහන්සේ විසින් ඒ අයුරින් සියලු විෂයයන් සඳහා A+ සාමාර්ථ ලබමින් 4.0 උපරිම GPA අගයක් පවත්වා ගනිමින් විශිෂ්ඨ සාමාර්ථයක් (Distinction Pass) සමඟින් පශ්චාත් උපාධි පාඨමාලාව සම්පූර්ණ කොට තිබෙනවා.
Leave A Comment