අපේ ආච්චිගේ ලස්සන බණ කථා
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 6
තිස්ස සාමණේරයන්ගේ කථා වස්තුව දැන් දවස් කීපයක ඉඳන් අපේ ආච්චි සෑහෙන්ට සූදානම් වුනා. අද නම් ආච්චිට හරිම සතුටුයි වගේ. ආච්චිට විතරක් නෙවි, අපටත් සතුටුයි. ඇයි අද නොවැ අපේ පන්සලට හීල් දානය පූජා කරන දවස. පාන්දර [...]
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 10(ශ්‍රද්ධාව)
අපේ ආච්චි අග්ගලා හදාගෙන කළුතර ගොහින් ආවට පස්සේ ටිකක් වෙනස් වගේ. මූණ කටේ පරණ සිරියාව නැතුව ගොහින් වත් ද! මට හිතුණේ අපේ ආච්චි කිසියම් හිත් වේදනාවකින් සිටිනා බවයි. “ආච්චියේ ඇත්ත කියන්ට…. ඔයා ඉන්නේ සතුටින් නොවෙයි [...]
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 9
එදා රෑ තෙරුවන් වන්දනාවෙන් පස්සෙ මට ආච්චිගෙන් එක් කාරණාවක් දැන ගන්ට ඕනෑ වුනා. ඉතින් මං ආච්චි ළඟට ගිහින් වාඩි වුනා. “ඇයි පුතේ.... මොකාක් හරි දැනගන්ට ඕනෑ උනාද?” “හා... ආච්චි දන්නවා එහෙනම් මං ආවේ ඇයි කියල? [...]
අපේ ආච්චිගේ ලස්සන බණ කතා – 8
“මොනවා කියනවද දරුවනේ... භික්ෂූන් වහන්සේලා ගැන සිත පහදවාගත් කපුටු ජෝඩුව මරණින් පස්සේ කොහේද උපන්නේ කියලා දන්නවා ද පුතේ? තව්තිසාවේ... ඔව් පුතේ... තව්තිසාවේ උපන්නේ... බලන්ට දරුවනේ තමන් ගේ කුසගින්න නිවාගන්ට කළ උපකාරය ඒ තිරිසන්ගත කපුටා මතක තියාගෙන හිටියා නොවැ. නුවණැත්තෝ එහෙම තමයි. ඔවුන් කවරදාකවත් මිත්‍රද්‍රෝහී වෙන්නේ නෑ. කළ උපකාරය සිහි කරනවා ම යි කියලා ආච්චි මිහිරට මේ කවිය කිව්වා.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 7
අපේ ආච්චිගේ ලස්සන බණ කතා වෙන් අද අපි ඉගෙන ගන්නේ තිසරණ යේ මහා බලය ගැනයි. දිවි හිමියෙන් බුදු රජාණන් වහන්සේ සරණ ගිය උපාසකයෙකුගේ ලස්සන කතාවක් ගැනයි මේ..
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 5
ඕං බලන්ට දරුවනේ පින විපාක දුන්නු හැටි. මේ ලෝකේ ශ්‍රද්ධාව ඇති අය, පින ගැන අවබෝධය ඇති අය ස්වල්ප වූ නමුත් පැන් පූජාව මහත් ශ්‍රද්ධාවෙන් සිදු කරනවා. බොහෝ ම දන්පැන් පුදනවා නම් කොහොම විපාක ලැබේද කියලා අපේ ආච්චි ඉතා මිහිරට මේ කවිය කිව්වා.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 4
“දේවයන් වහන්ස, මේ ලෝකයේ දුකකට, භයකට, විපතකට අන්තරායකට පත් සත්වයන්ට බුදුරජාණන් වහන්සේ සරණ යෑම හැර, ධර්මය සරණ යෑම හැර, ආර්ය සංඝයා සරණ යෑම හැර වෙන කිසි පිහිටක් නෑ. මං බේරුනේ මගේ හාස්කොමකට නොවෙයි. උතුම් ත්‍රිවිධ රත්නයේ ඇති හාස්කම නිසයි.
භාතිකාභය අපේ රජතුමා(අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 3)
ඒ වගේම දරුවනේ.... භාතිය රජ්ජුරුවෝ බණ අහන්ටත් ආසයි. එදා පෝය දවසක්. ඉතින් මේ රජ්ජුරුවන්ට බණක් අහන්ට ආසා හිතුනා. ලෝවාමහා ප්‍රාසාදයේ තිබුණු අලංකාර ලී කැටයම් දැමූ බණ මඩුව ලස්සනට සැරසුවා. ධර්මාසනයත් සැරසුවා. ඒ කාලේ බණට ඉතා ප්‍රසිද්ධව හිටපු ධර්ම කීර්ති පණ්ඩිත කියන උපාසකතුමාට ආරාධනා කළා. “පණ්ඩිතයෙනි, මං අද තුණුරුවන්ගේ ගුණ කියවෙන ජයමංගල ගාථාවකින් බණක් අහන්ට සතුටුයි” කිව්වා. ධර්ම කීර්ති පණ්ඩිතයෝ වටාපතත් අතට ගෙන බණ පුටුවට ගොඩවුනා. රජ්ජුරුවන්නේ මුහුණ බැලුවා. ‘මං අද අපේ දේවයන් වහන්සේගේ සිත සතුටු වන අයුරින් බණ ටිකක් කියන්ට ඕනෑ’ කියලා ධම්ම පදයේ බ්‍රාහ්මණ වර්ගයට අයත් මේන්න මේ ගාථාව මාතෘකා කළා
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 2
ඉතින් මයෙ පුතේ.... බෝධීන් වහන්සේට උපස්ථාන කිරීම ඒ කාලේ රජ දරුවන් වගේම තෙරුවන් සරණ ගිය සාමාන්‍ය උදවියත් හරි විදිහට කළා. ඒ කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ඇප උපස්ථාන කරනවා වගේ බෝධීන් වහන්සේට උපස්ථාන කළා. ඒ කාලේ දැන් වගේ නයි කපුටෝ ඇඳලා කොඩි නම් එල්ලුවේ නෑ. හරි විදිහට බෝධි පූජාවක් කළොත් ගොඩාක් පින් රැස්කරගන්ට පුළුවනි මයෙ පුතේ....
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 1
එතකොට දරුවනේ, දුටුගැමුණු මහ රජ්ජුරුවෝ රුවන්මැලි මහසෑය දෙස බලාගෙන ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා සිහිකොට භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ මෙනෙහි කරමින් ඒ හාන්සි වූ ඉරියව්වෙන්ම වන්දනා කරගෙන හිටියා. ටිකෙන් ටික දෑස් පියවුනා. මියගියා. නිදා පිබිදියා වගේ තුසිතභවනයෙන් ආ දිව්‍ය රථයෙහි ඕපපාතිකව උපන්නා. මහා අලංකාර දිව්‍ය රාජයෙක්. ගැල් හැටක් පුරවන්න පුළුවන් තරමේ ආභරණ පැළඳ සිටියා. මහජනයා සාදුකාර දුන්නා. ඒ හැමෝට ම පේනවා. එතකොට ඒ දේවතාවා හැමෝටම පෙනෙන්ට මහාසෑය තුන් විටක් පැදකුණු කළා. ස්වාමීන් වහන්සේලාට වන්දනා කළා. තම මල්ලී වන තිස්ස කුමාරයාත් මහජනයාත් වන්දනා කරගෙන සතුටු කඳුළු වගුරුවමින් බලා සිටිද්දී අපේ දුටුගැමුණු දිව්‍ය පුත්‍රයාව දිව්‍ය සේනාව පිරිවරාගත්තා. එතැන ම නොපෙනී ගියා.