අද ශ්‍රී බුද්ධ වර්ෂ

2569ක් වූ

ඇසළ මස

5

දහම් දිනපොතට…

“පින්වත් රාහුල, රජ කෙනෙකුට විශාලෙට වැඩුණු දළ ඇති, විශාල සිරුරක් ඇති, බලසම්පන්න උපතක් ඇති මහා හස්තිරාජයෙක් ඉන්නවා. ඉතින් ඒ ඇත් රජා යුද්දෙට යනවා. ඒ යුද බිමේ දී ඉදිරි පා වලිනුත් වැඩ කරනවා. පසු පා වලිනුත් වැඩකරනවා. ඉදිරි කයෙනුත් වැඩකරනවා. පසු කයෙනුත් වැඩකරනවා. ඔලුවෙනුත් වැඩකරනවා. කන් වලිනුත් වැඩකරනවා. දළ දෙකෙනුත් වැඩ කරනවා. නඟුටෙනුත් වැඩකරනවා. ඒ වුනාට සොඬවැල ආරක්ෂා කරගන්නවා. එතකොට ඇත්ගොව්වාට මෙහෙම හිතෙනවා. ‘විශාල දළ ඇති, වැඩුණු සිරුරු ඇති, ශ්‍රේෂ්ඨ උපතක් ඇති මේ රාජකීය හස්තිරාජයා යුද්දෙට ඇවිදින් ඉන්නෙ. යුද බිමේ දී මේ ඇත් රජා ඉදිරි පා වලිනුත් වැඩ කරනවා. පසු පා වලිනුත් වැඩකරනවා. ඉදිරි කයෙනුත් වැඩකරනවා. පසු කයෙනුත් වැඩකරනවා. ඔලුවෙනුත් වැඩකරනවා. කන් වලිනුත් වැඩකරනවා. දළ දෙකෙනුත් වැඩ කරනවා. නඟුටෙනුත් වැඩකරනවා. ඒ වුනාට සොඬවැල විතරක් ආරක්ෂා කරගෙන ඉන්නවා. මේ ඇත් රජා ගේ ජීවිතය රජු වෙනුවෙන් පරිත්‍යාග කරල නෑ’ කියල.

පින්වත් රාහුල, යම් වෙලාවක ඒ විශාල දළ ඇති, විශාල සිරුරක් ඇති, බලසම්පන්න උපතක් ඇති මහා හස්තිරාජයා යුද බිමට ඇවිත් ඒ යුද බිමේ දී ඉදිරි පා වලිනුත් වැඩ කරනවා ද ….(පෙ)…. නඟුටෙනුත් වැඩකරනවා. ඒ වගේ ම සොඬවැලෙනුත් වැඩකරනවා ද එතකොට ඇත්ගොව්වාට මෙහෙම හිතෙනවා. ‘විශාල දළ ඇති, වැඩුණු සිරුරු ඇති, ශ්‍රේෂ්ඨ උපතක් ඇති මේ රාජකීය හස්තිරාජයා යුද්දෙට ඇවිදින් ඉන්නෙ. යුද බිමේ දී ….(පෙ)…. නඟුටෙනුත් වැඩකරනවා. සොඬවැලෙනුත් වැඩකරනවා ද මේ ඇත් රාජා ගේ ජීවිතය රජු වෙනුවෙන් පරිත්‍යාග කරල යි තියෙන්නෙ’ කියල. එතකොට මේ ඇත් රජා විසින් රජු වෙනුවෙන් වෙන කළ යුතු දෙයක් නෑ.

අන්න ඒ වගේ පින්වත් රාහුල, යම් කිසි කෙනෙකුට දැන දැන බොරු කියන්නට ලැජ්ජාවක් නැද්ද, ඔහුට නො කළ හැකි පාපයක් නැහැ කියල යි මං කියන්නෙ. එනිසා පින්වත් රාහුල, විහිළුවකටවත් බොරු කියන්නෙ නම් නෑ කියල ඔය විදිහට යි පින්වත් රාහුල, ඔබ පුහුණු විය යුත්තේ.”

(උපුටා ගැනීම: අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය – මජ්ඣිම නිකාය)

නවතම පුවත්

  • Donation To Myanmar From Mahamevnawa

මියන්මාර භූකම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රු. මිලියන 16 ක්.

June 30th, 2025|

මියන්මාර වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ඔවුනට ආධාර අවැසි මොහොතේ මෙම ආධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට එක් වූ සියලු දෙනාට ම මහමෙව්නාව අසපු සංචිතය පුණ්‍යානුමෝදනා පුද කර සිටී.

  • Sri Angulimala Maha Se Vihara Puja

ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම බුදු සසුනට පූජා වූ වගයි!

May 17th, 2025|

ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය බුදු වසින් 2569 ක් වූ වෙසක් පුන් පොහෝ දින (ව්‍යවහාර වර්ෂ 2025/05/12) ධර්ම ශාලා පරිශ්‍රය, සංඝාවාස පරිශ්‍රය ද සමගින් සකල විහාරාංගයන්ගෙන් සමලංකෘත ව චංචල නිශ්චල දේපල සහිතව ගෞතම බුදු සසුනට පූජා වූ වගයි!

  • Budu Pasebudu Arahanthaka Maha Viharaya

බක් පුන් පොහෝ දා ගෞතම බුදු සසුනට පූජා වූ අග්‍රගණ්‍ය විහාර මන්දිරය – බුදු පසේබුදු අරහන්තක මහා විහාරය

April 17th, 2025|

මාළඹේ මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදි වූ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය 2025 අප්‍රේල් මස 12 වන දා බක් පුන් පොහෝ දා, ගරුතර මහා සංඝ රත්නයේ සහ නොයෙක් දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ, දෙව් මිනිසුන්ගේ වන්දනාමාන පිණිස ගෞතම බුදු සසුනට පූජා විණි.

සති භාවනා වැඩසටහන්

Meditation Program Male

උපාසක සති භාවනා වැඩසටහන

උපාසිකා සති භාවනා වැඩසටහන

සදහම් ලිපි

මහමෙව්නාව අනගාරිකා අසපුව මගින් මෙහෙයවන සති භාවනා වැඩසටහන

සිත නිවන බුදුබණ

Mahamegha Epaper
Lakviru fm live streaming
Shraddha tv live streaming

සතර පොහොය දිනයන්