Blog

Blog2016-11-08T10:09:37+05:30

March 2019

040. දානය-ඛදිරංගාර ජාතකය

By |March 11th, 2019|Categories: 04. කුලාවක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

“අයියෝ.... මේ පසේබුදුවරයාට සත් දවසකට පස්සේ ආහාරයක් ලැබෙන්ටයි යන්නේ. නොලැබුනොත් මොහු නැසී යනවා. ඒ නිසා මොහු විනාස කරන්ට ම යි ඕනෑ. මේ සිටුවරයා දානෙ දීම වළක්වන්ට ඕනෑ” කියලා පසේබුදුනුත් සිටුමැදුරත් අතර.....

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 30

By |March 7th, 2019|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|Tags: , |

බෝධි පූජාව මේං මෙහෙම කරන්ට. ඉස්සෙල්ලා ම අද මං කොළා වාගේ මලසුන් ගෙවල්වල පරමල් අස් කොරන්ට ඕනෑ. ඊට පස්සේ මලසුන් සෝදන්ට ඕනෑ. ඊට පස්සේ මළුව අමදින්ට ඕනෑ. ඊට පස්සේ තමුන් කැමති නම් බෝධීන් වහන්සේව පැන් කළයෙන් පැන් පහසු කොරවන්ට ඕනෑ. ඊට පස්සේ....

Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 30

039. නන්ද ජාතකය

By |March 6th, 2019|Categories: 04. කුලාවක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

සමහරුන්ගේ ගතිගුණ හරි පුදුමයි. වැඩිහිටියන් අතරේ, ගුරුන් අතරේ, පිරිසක් අතරේ ඉන්නා විට බොහෝම හොඳට තැන්පත්ව ඉන්නවා. පොඩි වගකීමක් සමග තනිවෙන්ට ලැබුනොත් වෙනස් වෙනවා. ගමනකට පිටත් කළොත් වෙනස් වෙනවා. මේ කතාවෙන් කියවෙන්නේ එබඳු දෙයක්.

10-8. අජගර ප්‍රේතයාගේ කථා වස්තුව

By |March 1st, 2019|Categories: 10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"මුගලන් මහරහතන් වහන්සේ යොදුන් විසිපහක් දිග පිඹුරු පෙරේතයෙක් දැක්කා. උගේ හිසෙන් ගිනිදැල් මතුවෙනවා. වලිගය කෙළවර දක්වා වේගයෙන් ඇවිලීගෙන යනවා. ආයෙමත් වලිගය කෙළවරෙන් ගිනිදැල් මතුවෙනවා. හිස දක්වා ඇවිලීගෙන යනවා."

038. බක ජාතකය

By |March 1st, 2019|Categories: 04. කුලාවක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

අනුන්ව මුළා කොට, අනුන් රවටා, කපටිකමෙන් ජීවත් වීම කිසිම කෙනෙකුට සුදුසු නෑ. හොඳ-නරක ගැන, යහපත-අයහපත ගැන විශ්වාසයක් නැති එබඳු පුද්ගලයන්ගෙන් පොදු ජනයාට කොයි කාලෙත් වුනේ අයහපතක්. ඒ වගේ ම ඔවුන්ටත් හැමදාම කපටිකමෙන් ඉන්ට ලැබෙන්නේ නෑ. මෙයත් එබඳු කතාවක්.

February 2019

037. තිත්තිර ජාතකය

By |February 26th, 2019|Categories: 04. කුලාවක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

වැඩිමහල්ලන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක දකින්ට ලැබෙන එක් ප්‍රධාන ලක්ෂණයක්. බුද්ධ කාලයේ පවා මඳ නුවණින් යුතු භික්ෂූන් අතින් වැඩිහිටියන්ට ගරු කිරීම නැති වූ අවස්ථා ඇතිවී තියෙනවා. ඒ හේතුවෙන් මහෝත්තම භික්ෂූන් වහන්සේලා පවා අපහසුතාවන්ට පත්ව තියෙනවා. මෙය එබඳු කතාවක්.

Go to Top