February 2019
032. නච්ච ජාතකය
එතකොට මොණරා මහත් ආඩම්බරයට පත්වුනා. ‘මුන්දැලා තාම මගේ හැබෑ හැඩරුව දැක්කේ නෑ’ කියලා පිරිස මැද්දේ පිල් කළඹ විදහාගත්තා. කැරකි කැරකී නටන්ට පටන් ගත්තා. එතකොට මොණරාගේ පස්ස පැත්ත හැමෝට ම පේන්ට පටන් ගත්තා. මෙය දැකපු ස්වර්ණ හංසරාජයා මහත් ලැජ්ජාවට පත්වුනා....
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 25
“නිදකිං විතරක්!... මෙච්චර මස් තියෙන ගෙයි මට කන්ට මස් නැද්ද?” කියා මන්නයක් අරං ගේ පිටිපස්සට ගියා. තණකොළ කන වස්සාගේ දිව ඇදලා කැපුවා. “මේං මේක උයලා දිපිය” කියා මායියාට දුන්නා. උන්දැ භය වෙලා හනිකට උයලා දුන්නා. වියදියා බත් කෑවා විතරයි මුළු ශරීරය ම ගින්නෙන් පුළුස්සනවා වාගේ....
9-8. මහාධන වෙළෙන්දාගේ කථා වස්තුව
“දැන් බලන්න පින්වත් මහණෙනි, සොරුන්ගෙන් වන අනතුර වේලාසනින් දැනගත් මහාධන වෙළෙන්දා ඒ භයානක මාවත අත්හැරියා නෙව. ජීවත් වෙන්න ආස කරන කෙනා හලාහල විෂ තියෙන ආහාරය කොයිතරම් සුවඳ තිබ්බත්, රස තිබ්බත් අනුභව කරන්නේ නැහැ. අත්හරිනවා. ඒ වගේ ඔබත් මේ කාම, රූප, අරූප සෑම භවයක්ම දැක්ක යුත්තේ භයානක සොරුන් අරක්ගත් මාර්ගයක් ලෙසයි. ඒ විදිහට සළකා සියලු පව් අත්හළ යුතුයි.”
9-7. බිළාලපාදක සිටුවරයාගේ කථා වස්තුව
“හෝ.... එහෙමද? හැබැයි මේකා සෙනඟ මැද්දේ කියාවිද දන්නෙ නැහැ මං මේ විදිහටයි දුන්නේ කියලා....? එහෙම වුණොත් මං මේකාව මරණවා....!” කියලා පසුවදා පිහියකුත් ඉණේ ගසාගෙන දාන ශාලාවට ගියා. අර නුවණැති තරුණයා බොහෝ පිරිස සමඟ ඉතා ශ්‍රද්ධාවෙන් දානය පූජා කළා. හඬ නගා මෙහෙම කිව්වා."
9-6. සඟසතු දේ ගැන නොසැලකිලිමත් වූ භික්ෂුවගේ කථා වස්තුව
“එම්බා භික්ෂුව, මෙවැනි දෑ නොකළ යුතුයි. වරද කුඩා එකක් ය, සුළු එකක් ය කියා ගණන් නොගෙන සිටීමමයි වරද! එළිමහනක උඩුකුරුව කළයක් තිබ්බොත් මොකද වෙන්නේ....? වැස්ස වහිද්දි බිංදුව බිංදුව හරි මේ කළය පිරෙනවා නේද? ඔය විදිහටම සුළු සුළු දේවල් ය කියලා ගණන් නොගෙන සිටීමෙන් පව් රැස්වෙනවා. ඒ පව් රැස්වෙද්දී තමාත් නොදැන පව බරපතල වෙනවා.”
031. කුලාවක ජාතකය
සක් දෙවිඳුගේ වචනය ඇසූ මාතලී රථය නැවැත්තුවා. වෙනත් මගකින් යන්ට රථය දෙව්ලොව පැත්තට හැරෙව්වා. රථය නවතාලූ විට අසුරයෝ මෙහෙම හිතුවා. ‘ඒකාන්තයෙන් ම අනිත් සක්වල වලින් ශක්‍රයෝ එනවා වගෙයි. බලය ලබාගෙන අපට බැටදෙන්ට යි රථය හැරෙව්වේ’ කියලා බියට පත්වුනා....






