January 2019
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (12 කොටස)
මෙසේ ශ්‍රී මුඛ සම්බුද්ධ භාෂිතය තුළ ම ආජානීය පුරුෂ වූ බුදුරජාණන් වහන්සේ උපත ලබන්නේ දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාවේ මධ්‍ය දේශයේ පමණක් බව ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. එමෙන්ම එම මධ්‍ය දේශයේ සීමාවන් පවා භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළ සේක. “මහ බෝ මැඩට පෙරදිගින් කජංගල නම් නියම් ගමකි.....
029. කණ්හ ජාතකය
ඒ කාලේ බෝධිසත්වයෝ ගව යෝනියෙහි ඉපිද සිටියා. මේ ගවයා පැටියා කාලේ එක්තරා මැහැලියකගේ ගෙදර නැවැත්තුවා. හැදූ වැඩූ කුලිය ගෙවාගන්ට බැරිවීමෙන් ඒ මැහැලියට ම වහු පැටියා සින්න වුනා. මේ ආච්චි සිය ගව පැටියාට මහත් ආදරයෙන් යුක්තයි. තමන්ගේ දරුවෙකුට වගේ කන්ට බොන්ට දී ඇතිදැඩි කළා.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (11 කොටස)
බුද්ධකාලීන සොළොස්මහා ජනපද රාජ්‍යයන්- ගෙන් ප්‍රබල රාජ්‍යයක් වූ වජ්ජි රාජ්‍යයෙහි අගනුවර විශාලා මහනුවර යි. අතීතයේ මෙහි වර්ධනය වූ අධික ජනගහනය හේතුවෙන් නගරය කිහිප වරක් විශාල කරවීම හේතුවෙන් විශාලා නම් වී යැයි සඳහන් වේ. මෙය පාලනය කළ රජදරුවන් සහ මිනිසුන් ලිච්ඡවීන් ලෙස හඳුන්වන්නේ සොඳුරු ඡවි වර්ණයක් ඇති පිරිසක් වූ නිසාවෙනි.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (10 කොටස)
බුද්ධ කාලීන දඹදිව සොළොස් මහා ජනපදයන්- ගෙන් බලවත් රාජ්‍යයක් වූ වත්ස රාජ්‍යයේ අගනුවර වූයේ කොසඹෑ නුවර ය. වත්ස ජනපදය බුද්ධ කාලයෙහි අවන්ති දක්ඛිණාපථය නමින් හැඳින්වූ, අවන්තියට උතුරින් යමුනා නදිය අසබඩ පිහිටා තිබුණි. එවකට එහි පාලකයා වූයේ උදේනි රජතුමා ය. කුසුම්භ නමැති ඍෂිවරයා විසූ හෙයින් ද කොසඹ වෘක්ෂ බහුල වූ බැවින් ද කෝසම්බි නම් වූයේ යැයි පැරණි ග්‍රන්ථවල සඳහන් වේ. කෝසම්බිය භාරතීය ඉතිහාසයේ ද බෞද්ධ ග්‍රන්ථයන්හි ද දැක්වෙන ප්‍රකට නගරයකි.
028. නන්දිවිසාල ජාතකය
පින්වතුනේ, පින්වත් දරුවනේ, කවුරුත් පාහේ කලබල වූ අවස්ථා වලත් වැඩිදුර නොසිතාත් නොසරුප් වදන් කථා කරන අවස්ථා දකින්ට ලැබෙනවා. නමුත් බොහෝ විට එයින් යහපතක් සිදුවන්නේ නෑ. ඕනෑතරම් පාඩු නම් සිදුවෙනවා. අනුන් හෙළා තලා කථා කිරීම නොකළ යුතු දෙයක් ම යි.
027. අභිණ්හ ජාතකය
ඒ කාලේ බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ ඇමතියෙක් වෙලා සිටියා. ඒ දවස්වල රජ්ජුරුවන්ගේ මංගල හස්ති රාජයා බැඳලා ඉන්න ශාලාවට එක් බලු පැටියෙක් එන්ට පුරුදු වුනා. ඌ ඇවිත් ඇතාට දෙන බත් වලින් වැටෙන බත්හුළු කන්ටත් පුරුදු වුනා. ටිකෙන් ටික මේ බල්ලා ඇතාට පුරුදු වුනා. පස්සේ දෙන්නට දෙන්නා ඉතාමත්ම හිතවත් වුනා.






