Blog

Blog2016-11-08T10:09:37+05:30

January 2019

9-1. චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව

By |January 20th, 2019|Categories: 09 පාප වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මහණෙනි, අපේ ඒකසාටකට ලැබුණු තෑග්ගේ වෙනසක් තියෙනවා. ඔහු රාත්‍රී පළමු යාමයෙහි සළුව පූජා කළා නම්, ඔහුට ඔය තෑග්ග ලැබෙන්නේ එකකින් දහසය ගානේ. මධ්‍යම යාමයේ සළුව පූජා කළා නම් ඔහුට ඔය තෑගි ලැබෙන්නේ එකකින් අට ගානේ. අන්තිම අවස්ථාවේ නෙව පූජාව කරගත්තේ. ඒ නිසයි හතර ගානේ ලැබුණේ."

Comments Off on 9-1. චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (9 කොටස)

By |January 14th, 2019|Categories: ජම්බුද්වීපය|Tags: , , , |

සංකස්සය වර්තමාන ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පරුඛාබාද් දිස්ත්‍රික්කයේ කාලි නදීතෙර පිහිටා තිබුණි. සංකස්ස හෙවත් සංකිස්සාවේ පෞරාණික නාමය සාංකශ්‍ය යන්නයි. වාල්මිකීගේ රාමායනයේ ද, පාණිනීගේ අෂ්ඨධ්‍යායී ව්‍යාකරණ ග්‍රන්ථයේ ද සාංකශ්‍ය ගැන සඳහන් වේ. භාරතීය බෞද්ධ සිද්ධස්ථාන නම් ග්‍රන්ථයේ සඳහන් ආකාරයට සාංකශ්‍ය නම් පෞරාණික නගරය කනවුජ් හා අත්‍රංජි අතර පිහිටා තිබුණි.

ඕවාද ප්‍රාතිමෝක්ෂය

By |January 13th, 2019|Categories: Special|Tags: |

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා සචිත්තපරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං සිත, කය, වචනය යන තුන් දොරින් කිසිම අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින් පිරිසිදු කරගැනීමත් යන මෙය, බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනයයි.

Comments Off on ඕවාද ප්‍රාතිමෝක්ෂය

8-16. බොහෝ දරුවන් සිටි භික්ෂුණියගේ කථා වස්තුව

By |January 13th, 2019|Categories: 08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"කොතරම් මහළු වුණත් ඇය හරිම පින්වන්තයි. සිරියාවන්තයි. කවදාවත් කේන්ති ගත්තේ නෑ. නපුරු වචනයක් කිව්වේ නෑ. අනිත් භික්ෂුණීන් මොන වැඩක් කිව්වත් අමාරුවෙන් හරි එය කරදෙනවා. ඈ වත්පිළිවෙත් මග හැරියේ නෑ. මේ පියකරු පෙනුම ඇති ඉතා මහළු භික්ෂුණිය භික්ෂුණී සංඝයා අතර කැපී පෙනුණා."

Comments Off on 8-16. බොහෝ දරුවන් සිටි භික්ෂුණියගේ කථා වස්තුව

026. මහිලාමුඛ ජාතකය

By |January 12th, 2019|Categories: 03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඒ කාලේ බෝධිසත්වයෝ පණ්ඩිත ඇමතියෙක් වෙලා ඒ රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද කළා. ඔය බරණැස් රජ්ජුරුවන්ට මහිලාමුඛ කියලා ඉතා යහපත් මංගල හස්තියෙක් හිටියා. ඒ ඇතා ඉතා කීකරුයි. ආචාර සම්පන්නයි. කාටවත්ම කරදරයක් කළේ නෑ. දවසක් මහිලාමුඛ ඇත්රජා බැඳ සිටිය ශාලාව අයිනට සොරු රංචුවක් ආවා.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (8 කොටස)

By |January 11th, 2019|Categories: ජම්බුද්වීපය|Tags: , , , , |

බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද රාජ්‍යයන්ගෙන් බලවත් ම රාජ්‍යය මගධය යි. මගධ රාජ්‍යයේ පාලකයා වූයේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු වූ බිම්බිසාර රජතුමා යි. එතුමාගේ පාලන සමයේදී යාබද පිහිටි අංග රාජධානිය ද මගධයට එක් කර ගත් අතර අංගයේ අගනුවර වූයේ චම්පා නගරය යි. මගධයේ උතුරු සීමාව ගංගා නදිය වූ අතර නැගෙනහිරින් චම්පා නදිය ද දකුණෙන් වින්ධ්‍යා කඳුවැටිය ද බටහිරින් සෝණ නදිය ද සීමා මායිම් විය.

Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (8 කොටස)
Go to Top