December 2018
8-2. බාහිය දාරුචීරිය තෙරුන්ගේ කථා වස්තුව
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඒ බාහිය දාරුචීරිය සැවැත් නුවරට අමුත්තෙක්. අද තමයි එයා මෙහෙ ආවේ. සමහරු දැකලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සමඟ සුළු වෙලාවක් මොහු කතා කළ බව. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් ඔහු ඉපදී සිටින්නේ කොහේද?”
November 2018
8-1. තම්බදාඨික නම් වූ චෝරඝාතකයාගේ කථා වස්තුව
“උපාසකය, ඇයි මේ....? කලබල වෙලා.... අසහනයට පත්වෙලා... පීඩාවෙන් ඉන්නේ...” “අනේ ස්වාමීනී, මං බොහෝ කලක් නපුරු වැඩ කරපු කෙනෙක්. බොහෝ මිනිසුන් මැරූ කෙනෙක්. මට ඒක මතක් වෙනවා. ධර්මයට සිත නඟා ගන්න අමාරුයි.” දුර්ලභ මිනිසත් බවෙහි අගය දන්නා සාරිපුත්තයන් වහන්සේගේ සිතෙහි මොහු කෙරෙහි මහත් අනුකම්පාවක් ඇතිවුණා.
022. කුක්කුර ජාතකය(බෝසත් සුනඛ ජාතක කථාව)
‘ඕහෝ.... එහෙනම් මේක රාජ මාලිගාවේ ඇතිකරන වංශවත් බල්ලන්ගේ වැඩක් වෙන්ට ඕනෑ.... වැරදිකාරයන්ට කිසි දඬුවමක් නෑ. වරදක් නොකළ අයටයි මරණ දඬුවම! දැන් මට කරන්ට තියෙන්නේ එක දෙයයි. හැබෑ වැරදිකාරයෝ කවුද කියලා රජ්ජුරුවන්ට පෙන්නන්ට ඕනෑ’ කියලා බෝසත් සුනඛයා කල්පනා කළා.
7-10. එක්තරා ස්ත්‍රියකගේ කථා වස්තුව
"මෙයාට පිස්සුද...? මෙච්චර ලස්සන ලෝකෙක විනෝද වෙන්නෙ නැතුව මොකද මේ...? මේ තරුණ කාලෙ මොන බ්‍රහ්මචරියාවක්ද? අනේ හැබෑට...! එක එක්කෙනාගෙ සමයං. ලස්සනට සතුටු වෙන්න තියෙන ජීවිතේ නිකං සමයං නිසා රාස්සයන්ගෙ විලක් බවට පත්කරගෙන. හොඳයි! ඔබේ බඹසරද දිනන්නේ, මගේ හැඩරුවද කියලා මං ඔබට පෙන්නන්නම්...."
7-9. ඛදිරවනයේ රේවත තෙරුන්ගේ කථා වස්තුව
“හප්පේ...! පින්වත් උපාසිකාව, අපේ රේවතයන් වහන්සේගේ පුණ්‍ය මහිමය බලන්න එපායැ. අපි ඒ දවස් ටිකේ ගත කළේ දෙව්ලොවද කියලත් හිතෙනවා... ඒ තරම්ම ලස්සනයි... නොවැරදීම උන්වහන්සේගේ ඉර්ධි බලයෙන් තමයි එය කරන්න ඇත්තේ. මිනිස් අතකින් නම් එතරම් ලස්සනට හදන්න බෑ.”
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 20
ලෝකය කිව්වාම ඉන් අදහස් කරන්නේ මේ පෘථුවිය විතරක් නෙමේ. පහළ අපාගත ලෝකත් ආභස්සර බඹතලේ දක්වා ඇති සියලු ලෝක හොඳේ.... ඉතින් ලෝක විනාශයේදී ඒ විනාශය තුන් අයුරකින් වෙනවා. ගින්නෙන් විනාශ වෙනවා. ජලයෙන් විනාශ වෙනවා. සුළඟින් විනාශ වෙනවා.






