September 2018
6-7. කාණමාතාවගේ කථා වස්තුව
“අනේ හැබෑට... වයසක උන්නාන්සේලා හතර දෙනෙක් කැවුම්වලට ආස කරන්න ගිහින් වෙච්ච හදියක්! අපූරුවට හිටපු කාණාවගේ ජීවිතය අවුල් කළා! ඇගේ වාසනාවට බුදුරජාණන් වහන්සේ වැඩහිටියා... සම්බුදු මහිමය නිසා ඇයට ශ්‍රද්ධාලාභය ලැබුණා. දැන් ගඟ ගලන්නැහේ ඇය දන් පුදනවා. භික්ෂු, භික්ෂුණීන් හිතුමනාපේ දන් වළඳනවා. සම්බුදු ගුණය නම් ඒකාන්තයෙන්ම ආශ්චර්යයි!”
6-6. ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ කථා වස්තුව
"'හා..... පොඩිනම. ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද?' කියලා අහනවා. එතකොට ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ අහිංසක විදිහට හිනා වෙනවා. භික්ෂූන් වහන්සේලා ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේට කේන්ති යන්නෙ නෑ කියලා හරියට ප්‍රශංසා කරනවා."
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (5 කොටස)
භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය පිහිටියේ, බරණැසට ආසන්න සාරානාත්හි ය. බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද අතරින් කාසි රාජ්‍යයේ අගනුවර වූයේ බරණැස් නුවර හෙවත් වාරාණසී නගරය යි. බර්ණා සහ අසි යන ගංගා දෙක අතර පිහිටි බැවින් බාරාණසී නම් වූ අතර, සංස්කෘත භාෂාවෙන් වාරාණසී යනුවෙන් හැඳින්වෙන්නේ වරුණ සහ අසී ලෙස ගංගා නාමයන් සැලකීමෙනි. එම ගංගා දෙක සුප්‍රසිද්ධ ගංගා නදියේ ශාඛා දෙකක් වන අතර බරණැස් නගරයේ බටහිර දෙසින් ගංගා නදිය අදටත් ගලා බසී.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 29
මේ අසදෘශ මහා දානේ ගැනත් කොසොල් රජ්ජුරුවන් ළඟ හිටිය ‘කාල’ කියන ඇමැතියට හොඳටෝ ම කේන්ති ගියා. එ්කාට කටින් කියන්ට විදිහක් නෑ. හිතෙන් බණින්ට පටන් ගත්තා. ‘හහ්… රටේ විසඳන්ට පුරස්න නැතිව ද මෙච්චර ධනය නාස්ති කොරන්නේ? මේ ධනයෙන් දුප්පත් ඈයොන්ට ගෙවල් හදා දෙන්ට තිබ්බා නොවැ.
August 2018
උතුම් මහරහතන් වහන්සේලාට වන්දනා කරන ගාථා
මෙහි සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ සහ මිහිඳු මහරහතන් වහන්සේ යන උතුම් මහරහතන් වහන්සේලාට වන්දනා කිරීම පිණිස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද ගාථා සහ එ්වායෙහි අර්ථ පද්‍යයන් ලෙසින් ඇතුලත් වේ. ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ තබාගැනීම සඳහා හෝ මුද්‍රණය කරගැනීම සඳහා මනරම් ලෙස සැකසූ පිටපතක් භාගත කරගැනීමේ පහසුකම ද මෙහි සලසා තිබේ.





