November 2018
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 17
‘නමෝ බුද්ධාය’ යන වචනය නාගරාජයාට ඇහුණා විතරයි ‘අනේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක උපාසකයෙක්ට නොවැ මං මේ හදි කටින්ට ගියේ. අයියෝ තව ඩිංගිත්තෙන් මට නොවැ පාපේ වෙන්නේ’ කියලා තමන්ගේ කෝපය සන්සිඳුවාගෙන අහිකුණ්ඨිකයාට මෙහෙම කිව්වා.
021. කුරුංග මිග ජාතකය
“පල... මුවෝ යන්න. මාත් තොට විරුද්ධයි” කියලා වාඩි වී ඉන්න ගමන්ම ආයුධයෙන් මුවාට ගැහුවා. බෝධිසත්වයෝ විදුලිය වගේ සැණෙකින් අහකට පැනලා නැවතුනා. මෙහෙම කිව්වා. “එම්බල මිනිහෝ.... දැන් මට කවුරුහරි විරුද්ධ වුනොත් ඔහුට අටමහ නරකාදියත් උස්සද නිරය දහසයත් පස්වැදෑරුම් වධබන්ධනත් විරුද්ධ නෑ. ඒවා ඔහුත් එක්ක යාළුයි”
7-8. සැරියුත් තෙරුන්ගේ කථා වස්තුව
“හපොයි... හපොයි... හරි වැඩක් නෙව! සාරිපුත්තයන් වහන්සේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් වෙලත් තාම ශ්‍රද්ධාවටවත් එන්න බැරි වෙලා නෙව. එකත් එකටම බ්‍රාහ්මණ පවුලකින් ආපු නිසා තමයි ඔය ප්‍රශ්නෙ. නැත්නම් කොහොමද ඔහොම වුණේ....? මෙතෙක් කලක් ගතවෙලත් ශ්‍රද්ධාව නැතෙයි කියලා කිසි භයක් නැතුව කියපු හැටි!”
7-7. කෝසම්බිවාසී තිස්ස තෙරුන්ගේ කථා වස්තුව
“අනේ... ස්වාමීනී, ස්වාමීන් වහන්සේගේ වැරැද්දක් නෑ. මං මේ සිද්ධිය කිව්වේ ස්වාමීන් වහන්සේගේ හිත රිද්දන්න නෙවෙයි. ස්වාමීන් වහන්සේ නිර්දෝෂියි. මගෙත් වැරැද්දක් නෑ. මට ඒ මොහොතෙම හිතුණේ මේක තමයි සසරේ ස්වභාවය කියලා. ඒ නිසා ස්වාමීනී, විපිළිසර වෙන්න එපා. හැඬීමෙන් පලක් නෑ. අපි හිමින් හිමින් ගමන යමු.”
7-6. සාරිපුත්ත තෙරුන්ගේ කථා වස්තුව
"සැරියුත් තෙරුන්ගේ සිතේ කිසි කලබලයක් නෑ. ඇහි බැම හැකිළුනේ නෑ. ඇස් ලොකු වුණේ නෑ. රවලා බැලුවේ නෑ. දත් සැපුවේ නෑ. කලබලෙන් අතපය සෙලෙව්වේ නෑ. කඩිමුඩියේ ඇවිද්දේ නෑ. හදවත වේගයෙන් ගැහුණේ නෑ. ගොත ගැහුණේ නෑ. දාඩිය දැම්මේ නෑ. හරි පුදුමයි! කිසිම වෙනසක් නෑ. හැම වෙලාවෙම එක වගේ.... මෙතරම්ම අමු බොරු කියද්දි වෙන කෙනෙක් නම් මොනතරම් වෙනස් වෙනවද?”
7-5. මහා කච්චායන තෙරුන්ගේ කථා වස්තුව
“පින්වත් මහණෙනි, එහෙම කියන්න එපා! මාගේ පුත්‍ර වූ මහා කච්චායනයන් සියලු ඉඳුරන් සංසිඳුවාගෙනයි ඉන්නේ.... ලාභ සත්කාර ගැන කිසිම අපේක්ෂාවක් නෑ. සක් දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජවරු දිව්‍යමල් වලින් කොපමණ පූජාවල් පැවැත්තුවත් මාන්නයක් ඇතිවෙන්නෙ නෑ. ආඩම්බරකමක් ඇතිවෙන්නෙ නෑ. "






