November 2018
7-4. අනුරුද්ධ තෙරුන්ගේ කථා වස්තුව
“හරි වැඩක් නොවැ.... හැම තැනම කෑම බීම ඉතිරිලා ගිහිල්ලා.... මහා විශාල උත්සවයකුත් නෑ. අනුරුද්ධ තෙරුන්ට සිවුර මැහීම විතරයි තියෙන්නේ.... ඒකට මෙතරම් උජාරුවක් ඕනෙද...? අපට හිතෙන්නේ අනුරුද්ධ තෙරුන්ට ඕන කමක් ඇති තමන්ගේ නෑදැයන් ලවා සැලකිලි සම්මාන ලබාගෙන අපට පෙන්නන්න. හනේ.... අපට ඕන නෑ....”
7-3. බෙල්ලට්ඨිසීස තෙරුන්ගේ කථා වස්තුව
‘මං හැමදාම පිණ්ඩපාතෙ වඩිනවා. රස දෙයක් ලැබුණත්, නීරස දෙයක් ලැබුණත්, හපලා ගිල්ලට පස්සේ වෙනසක් නෑ. තෙත දෙයක් ලැබුණත්, වේලිච්ච දෙයක් ලැබුණත් වැළඳුවාට පස්සේ ඇඟට ටිකක් පණ එනවා නම්, මට භාවනා කරගන්න ඒ ඇති. ඒ නිසා දානෙ පොඞ්ඩක් වෙනුවෙන් හැමදාම පිඬු සිඟා වඩින එකේ තේරුමක් නෑ.’
020. නළපාන ජාතකය
ඉතින් ඒ වානර පිරිස මහවඳුරා ගේ කීමට අනුව ම කටයුතු කළා. දවසක් මේ වානර පිරිස වෙන පළාතකට ගියා. ඒ පළාතේ පානය කරන පැන් පොකුණක් හොයා ගන්න ටික දවසක් ගතවුනා. වඳුරු පිරිස ඒ පොකුණ ළඟට ගියා. නමුත් පැන් බිව්වේ නෑ. මහවඳුරා එනකල් මග බල බලා සිටියා. බෝසත් වඳුරා ආවා.
019. ආයාචිතභත්ත ජාතකය
ඉතාමත් ඈත අතීතේ එක්තරා ගමක හිටිය නිවැසියෙක් ගම ඉදිරියේ පිහිටි සුවිශාල නුගරුක ළඟට ගියා. ඒ නුග රුකට අරක්ගත් දෙවියන්ට සත්ව බිල්ලෙන් දානයක් දෙන්න පොරොන්දු වුනා. කරදරයක් නැතිව ආපහු ඇවිත් ඒ සත්තු බිලි දීල බාරෙන් නිදහස් වෙන්නම් කියලත් පොරොන්දු වුනා. එතකොට ඒ නුග රුකේ හිටපු රුක්දෙවියා අතුපතර තුලින් අර මිනිසා ඉදිරියේ පෙනී සිට මේ ගාථාව පැවසුවා.
October 2018
7-2. මහා කස්සප තෙරුන්ගේ කථා වස්තුව
හා...! හා...! පින්වත් මහණෙනි, මාගේ පුත්‍ර වූ මහා කස්සපයන්ට නම් මොකවත් කියන්න එපා...! කිසි දවසක දායක ගෙවල්වලින් ලැබෙන සත්කාර, සම්මාන වලට කස්සපයන්ගේ සිත ඇලුණෙ නෑ.... මහා කස්සපයන්ට නවතින්න කිව්වෙ මමයි! පින්වත් මහණෙනි, මහා කස්සපයන් පුන් සඳක් වගේ. අහසේ පායන පුන්සඳ හැමදාම අලුත්.
7-1. ජීවකට පිළිතුරු දීමේ කථා වස්තුව
දේවදත්ත හොරෙන්ම පර්වත මුදුනට නැගගත්තා. ලොකු කළු ගලක් තල්ලු කරගෙන ආවා. හරියටම බුදුරජාණන් වහන්සේගේ හිස මත අතහරින්න ඕන කියලා අර කළු ගල බුදු සිරස මතට අත්හැරියා. පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ අසත්පුරුෂයා හිතුවේ ඒක හරි ගියා කියලා. දේවදත්ත හනිකට පැනලා දිව්වා. නමුත් හරිම අසිරිමත් දෙයක් සිදුවුණා.






