December 2018
8-7. සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව
“නැහැ පින්වත් බ්‍රාහ්මණය, ඇත්තෙන්ම ඔබ බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය දන්නෙ නෑ. ඔබේ ආචාර්යවරුවත් බඹ ලොවට යන මාර්ගය නම් දන්නෙ නෑ. හැබැයි අපගේ ශාස්තෘන් වහන්සේ නම් ස්ථිරවම බඹලොවට යන මාර්ගය දන්නවා. පින්වත් බ්‍රාහ්මණය, එන්න. මං ඔබව ශාස්තෘන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නම්."
8-5,6. අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව
“ඔබට අයහපත වුවමනා නම්, කළ යුත්තේ මෙයයි. හිරු නැගී දහවල් වනතුරුත් හොඳට නිදාගන්න. කම්මැලිකමෙන් කල් ගෙවන්න. නපුරු, දුෂ්ටකමෙන් යුක්ත වෙන්න. කළ යුතු දෑ ඒ ඒ වෙලාවට නොකොට කල් දමන්න. නුසුදුසු තැන්වල තනියම යන්න. අනුන්ගේ කාන්තාවන් ඇසුරු කරන්න. එම්බා බ්‍රාහ්මණය, මේවා ඔබ කළොත් ඔබට සිදුවන්නේ අයහපතක්මයි.”
8-3,4. ආදරය අපායක් වූදා(කුණ්ඩලකේසී තෙරණියගේ කථා වස්තුව)
ඇය හෙමින් හෙමින් අර සොරා වටේ කරකැවෙමින් එක වටයක් නිමවා වැළඳගෙන සිපගත්තා. දෙවන වටයත් නිමාකොට වැළඳගෙන සිපගත්තා. තුන්වෙනි වටයේදී සොරාගේ පිටුපසට පැමිණි ඇය ශරීරයේ මුළු වෙර යොදා අර සොරාව චෝර ප්‍රපාතයට තල්ලු කළා. ඔහුට සිතන්න වෙලාවක් නෑ. කෑ ගසමින් වැටී මරණයට පත්වුණා.
024. ආජාණීය අශ්වයා(ආජඤ්ඤ ජාතකය)
ආජානේය අශ්වයෝ දෙන්නා යුද ඇඳුමෙන් සරසවා රථයේ යෙදෙව්වා. මහා යෝධයාත් සන්නාහයෙන් සන්නද්ධව රථයට නැංගා. එක එක බලකොටුවට කඩාපැන්නා. සයවෙනි රජාව අල්ලාගත් වේලේ වැඩිමහල් අශ්වයා මාරාන්තික සතුරු ප්‍රහාරයකට ලක්වුනා. නමුත් අශ්වයා ලේ වැගිරෙද්දි රථය ප්‍රමාද කළේ නෑ. රජ මිදුලට ම ආවා.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 21
ඉතින් පුතේ, මේ කතාව වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට පහදා දුන්නේ මාරයාගේ බන්ධනය ඔයිටත් වඩා ගොඩාක් සියුම් කියලයි. මේ කාලේ රහත් උනා ය, මගඵල ලැබුවා ය, ධ්‍යාන සමාපත්ති ඉපදුවා ය, බුදුරජාණන් වහන්සේ මෙහේ උපන්නා ය, මෙහෙ බුදු උනා ය,.....
023. භෝජ ආජානීය අශ්වයා(භෝජාජානීය ජාතකය)
යම්කිසි වැඩක් පටන් ගත් විට කාට වුනත් බාධා ඇතිවෙන්ට පුළුවනි. අපහසුතා ඇතිවෙන්ට පුළුවනි. සිය උත්සාහය නැතිවෙන්ට පුළුවනි. එබඳු අවස්ථාවක තමාව දිරිමත් කරන්ට කවුරුන් හෝ සිටින්ට ඕනේ. එහෙම දිරිමත් වීමෙන් නැවතත් සිත ධෛර්යවත් කරගන්ට ලැබුනොත් තම අදහස් මුදුන්පත් කරගන්ට ඉඩ සැලසෙනවා. මෙයත් එබඳු කථාවක්.






