ජම්බුද්වීපය

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 24

2019-02-04T18:07:37+05:30February 4th, 2019|අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

වෙසක් පොහෝ දවසක හැන්දෑ ජාමේ අපේ භාග්‍යවතුන් වහන්සේ නේරංජරා නදිය අසබඩ ජය සිරි මහබෝ සෙවනේ වජිරාසනය මත වාඩිවුනා නොවැ. මහා අධිෂ්ඨානයක් ගත්තා. නිවන් අවබෝධ නොකොට නැගිටින්නේ ම නෑ කියා සිතට ගත්තා. ආන්න එතකොටයි මාරයා ගැස්සුනේ. උන්දෑ කලබල වුනා....

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (9 කොටස)

2019-01-14T17:39:20+05:30January 14th, 2019|ජම්බුද්වීපය|

සංකස්සය වර්තමාන ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පරුඛාබාද් දිස්ත්‍රික්කයේ කාලි නදීතෙර පිහිටා තිබුණි. සංකස්ස හෙවත් සංකිස්සාවේ පෞරාණික නාමය සාංකශ්‍ය යන්නයි. වාල්මිකීගේ රාමායනයේ ද, පාණිනීගේ අෂ්ඨධ්‍යායී ව්‍යාකරණ ග්‍රන්ථයේ ද සාංකශ්‍ය ගැන සඳහන් වේ. භාරතීය බෞද්ධ සිද්ධස්ථාන නම් ග්‍රන්ථයේ සඳහන් ආකාරයට සාංකශ්‍ය නම් පෞරාණික නගරය කනවුජ් හා අත්‍රංජි අතර පිහිටා තිබුණි.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (8 කොටස)

2019-01-11T16:23:43+05:30January 11th, 2019|ජම්බුද්වීපය|

බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද රාජ්‍යයන්ගෙන් බලවත් ම රාජ්‍යය මගධය යි. මගධ රාජ්‍යයේ පාලකයා වූයේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු වූ බිම්බිසාර රජතුමා යි. එතුමාගේ පාලන සමයේදී යාබද පිහිටි අංග රාජධානිය ද මගධයට එක් කර ගත් අතර අංගයේ අගනුවර වූයේ චම්පා නගරය යි. මගධයේ උතුරු සීමාව ගංගා නදිය වූ අතර නැගෙනහිරින් චම්පා නදිය ද දකුණෙන් වින්ධ්‍යා කඳුවැටිය ද බටහිරින් සෝණ නදිය ද සීමා මායිම් විය.

Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (8 කොටස)

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (7 කොටස)

2020-03-01T13:19:17+05:30January 10th, 2019|ජම්බුද්වීපය|

මෙම කෝසල ජනපදය, මගධ ජනපදයට වයඹින් ද දකුණින් ගංගා නම් නදිය ද නැගෙනහිරින් ගන්ඩන් හෙවත් නාරායනී නදිය ද උතුරු දෙසින් හිමාල කඳු වැටිය ද පිහිටන සේ සීමා මායිම් සලකුණු වී තිබිණි. ධර්මපට්ඨාන යන අපර නාමයකින් ද හැඳින්වූ සැවැත්නුවර පිහිටියේ කෝසල රාජධානියේ උතුරු පෙදෙසේ ය. සාවත්ථි නම් ඍෂිවරයාගේ වාසස්ථානය වූ හෙයින් ශ්‍රාවස්ථි නම් වී යැයි ද.....

Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (7 කොටස)

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (6 කොටස)

2020-03-01T13:17:08+05:30January 9th, 2019|ජම්බුද්වීපය|

කුසිනාරා නුවර යනු බුද්ධකාලීන භාරතයේ සොළොස් මහා ජනපද අතරින් මල්ල රාජධානියේ අගනුවර ය. එකල මල්ල රාජ්‍යයේ කුසිනාරා හා පාවා යන දෙරට විසූ මල්ලයෝ ස්වතන්ත්‍ර පාලනයක් ගෙන ගියහ. චීන දේශාටකයින්ගේ වාර්තා අනුව මල්ල රාජධානිය පිහිටියේ ශාක්‍ය රාජධානියට නැගෙනහිරින් වජ්ජි රාජ්‍යයට උතුරින් හිමාල කඳු පාමුල ය. ඈත අතීතයේ මෙම රාජ්‍යය කුසාවතී නමින් හැඳින්විණි.

Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (6 කොටස)
Go to Top