09 පාප වර්ගය

9-13. සුප්‍රබුද්ධගේ කථා වස්තුව

2020-02-14T21:49:38+05:30February 10th, 2019|09 පාප වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"සුප්‍රබුද්ධ රජුගේ මංගල අශ්වයා කිපුණා. කැළඹුණා. පිරිසට හිංසා කරන්නට පටන් ගත්තා. බිත්තිවලට ගහන්නට පටන් ගත්තා. මහා හයියෙන් කෑ ගසන්නට පටන් ගත්තා. මිනිසුන් ද කලබල වුණා. පහළ මහා ඝෝෂාවක් ඇසුණා. උඩුමහලේ සිටි සුප්‍රබුද්ධට මෙය ඇසුණා. ඔහුට පමණයි මේ අශ්වයා අවනත වන්නේ. ඔහුට සියල්ල අමතක වුණා. ඔහු වේගයෙන් පහළට බැස්සා."

Comments Off on 9-13. සුප්‍රබුද්ධගේ කථා වස්තුව

9-12. භික්ෂූන් තුන් පිරිසකගේ කථා වස්තුව

2020-02-14T21:47:39+05:30February 10th, 2019|09 පාප වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"හොඳයි! තෝ මෙතනම නිදාගන්...! කියලා ලොකු පිදුරු මිටියක් අරගෙන ඇවිත් ගොනාගේ සිරුර පුරාම දාලා ගිනි තිබ්බා. ගොනා එතනම මළා. ගොවියට දැන් හරි සතුටුයි. සතාට යස දඬුවමක් දුන්නා කියලා හිතුවා. මරණින් මත්තේ මොහු නිරයේ උපන්නා. එහි ඉතුරු විපාක හැටියට කපුටු ආත්මයේ සත් වතාවක් ඔය විදිහට අහසේම ගිනි අරගෙන මැරුණා."

Comments Off on 9-12. භික්ෂූන් තුන් පිරිසකගේ කථා වස්තුව

9-11. මණිකාරකුළුපගතිස්ස තෙරුන්ගේ කථා වස්තුව

2020-02-14T21:50:30+05:30February 9th, 2019|09 පාප වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඒ නිසා රෝගාතුර වුණා. සුළු දිනකින් පිරිනිවන් පෑවා. කොස්වා ලිහිණියා මියගොස් උපන්නේ එම බිරිඳගේ කුසෙහි මිනිස් දරුවෙක් වෙලයි. ටික කලකින් මැණික් කරුවා මියගොස් නිරයේ උපන්නා. බිරිඳ මියගොස් දෙවියන් අතර උපන්නා."

Comments Off on 9-11. මණිකාරකුළුපගතිස්ස තෙරුන්ගේ කථා වස්තුව

9-10. කෝක නම් බලුවැද්දාගේ කථා වස්තුව

2020-02-14T21:47:51+05:30February 9th, 2019|09 පාප වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"උන්වහන්සේ කලබල වෙලා ගහ උඩ දඟලද්දී පෙරවූ සිවුර ගැලවී වැද්දාගේ හිස මත වැටුණා. වැද්දා හිසේ සිට සිවුරෙන් වැසී ගියා. බල්ලන් සිතුවේ භික්ෂුව ගහෙන් බිමට වැටුණු බවයි. වැද්දා වටකරගත් කීන බල්ලන් ‘පටත් පටත්’ අනුකරණයෙන් වැද්දාව හපන්න පටන් ගත්තා. තම දඩයම් බල්ලන්ගේ ප්‍රහාරයට ලක් වූ වැද්දා එතනම මිය ගියා."

Comments Off on 9-10. කෝක නම් බලුවැද්දාගේ කථා වස්තුව

9-9. කුක්කුටමිත්ත වැද්දාගේ කථා වස්තුව

2020-02-14T21:47:56+05:30February 8th, 2019|09 පාප වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"බුදුරජාණන් වහන්සේ රුක් සෙවණේ වැඩසිටිනවා දැක්කා. ‘හරි... එහෙනම් ඒක මුන්දැගෙ වැඩක්! ආයෙමත් නොකරන්න මං උගන්වන්නම් පාඩමක්’ කියලා දුනු ඊතල එළියට ඇද්දා. එච්චරයි. ඔහුට අතපය සොළවන්න බැරිව ගියා. ඇඟ ගල් ගැහිලා ගියා. කිසි දෙයක් කරගන්න බැහැ. දාඩිය ගලනවා. කටින් කෙළ බේරෙනවා. නමුත් සෙළවෙන්න බැහැ."

Comments Off on 9-9. කුක්කුටමිත්ත වැද්දාගේ කථා වස්තුව

9-8. මහාධන වෙළෙන්දාගේ කථා වස්තුව

2020-02-14T21:51:25+05:30February 7th, 2019|09 පාප වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“දැන් බලන්න පින්වත් මහණෙනි, සොරුන්ගෙන් වන අනතුර වේලාසනින් දැනගත් මහාධන වෙළෙන්දා ඒ භයානක මාවත අත්හැරියා නෙව. ජීවත් වෙන්න ආස කරන කෙනා හලාහල විෂ තියෙන ආහාරය කොයිතරම් සුවඳ තිබ්බත්, රස තිබ්බත් අනුභව කරන්නේ නැහැ. අත්හරිනවා. ඒ වගේ ඔබත් මේ කාම, රූප, අරූප සෑම භවයක්ම දැක්ක යුත්තේ භයානක සොරුන් අරක්ගත් මාර්ගයක් ලෙසයි. ඒ විදිහට සළකා සියලු පව් අත්හළ යුතුයි.”

Comments Off on 9-8. මහාධන වෙළෙන්දාගේ කථා වස්තුව

9-7. බිළාලපාදක සිටුවරයාගේ කථා වස්තුව

2020-02-14T21:48:24+05:30February 6th, 2019|09 පාප වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“හෝ.... එහෙමද? හැබැයි මේකා සෙනඟ මැද්දේ කියාවිද දන්නෙ නැහැ මං මේ විදිහටයි දුන්නේ කියලා....? එහෙම වුණොත් මං මේකාව මරණවා....!” කියලා පසුවදා පිහියකුත් ඉණේ ගසාගෙන දාන ශාලාවට ගියා. අර නුවණැති තරුණයා බොහෝ පිරිස සමඟ ඉතා ශ්‍රද්ධාවෙන් දානය පූජා කළා. හඬ නගා මෙහෙම කිව්වා."

Comments Off on 9-7. බිළාලපාදක සිටුවරයාගේ කථා වස්තුව

9-6. සඟසතු දේ ගැන නොසැලකිලිමත් වූ භික්ෂුවගේ කථා වස්තුව

2020-02-14T21:52:24+05:30February 6th, 2019|09 පාප වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“එම්බා භික්ෂුව, මෙවැනි දෑ නොකළ යුතුයි. වරද කුඩා එකක් ය, සුළු එකක් ය කියා ගණන් නොගෙන සිටීමමයි වරද! එළිමහනක උඩුකුරුව කළයක් තිබ්බොත් මොකද වෙන්නේ....? වැස්ස වහිද්දි බිංදුව බිංදුව හරි මේ කළය පිරෙනවා නේද? ඔය විදිහටම සුළු සුළු දේවල් ය කියලා ගණන් නොගෙන සිටීමෙන් පව් රැස්වෙනවා. ඒ පව් රැස්වෙද්දී තමාත් නොදැන පව බරපතල වෙනවා.”

Comments Off on 9-6. සඟසතු දේ ගැන නොසැලකිලිමත් වූ භික්ෂුවගේ කථා වස්තුව

9-4,5. අනාථපිණ්ඩික සිටුතුමාගේ කථා වස්තුව

2020-02-14T21:53:25+05:30February 5th, 2019|09 පාප වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“අනේ පින්වත් සිටුතුමනි, සිව්වෙනි දොරටුවෙහි සිටි මෝඩි මමයි... මා දුරදිග නොසිතා කියූ මෝඩ කතාවට මට සමාව දෙනු මැනැව. සක් දෙවිඳුන්ගේ උපදෙස් මත ඔබතුමා ණයට දුන් මුදලුත්, ගඟේ ගසාගෙන ගිය මුදලුත්, හිමිකාරයෙක් නැති මුදලුත් වන පනස් හතර කෝටියක මුදල අන්න මං ගබඩාවේ පිරෙව්වා.... දැන්වත් මට සමාව දෙනු මැනැව. මට ඉන්න තැනක් නැහැ....”

Comments Off on 9-4,5. අනාථපිණ්ඩික සිටුතුමාගේ කථා වස්තුව

9-3. ලාජා දෙව්දුවගේ කථා වස්තුව

2020-02-14T21:54:26+05:30February 4th, 2019|09 පාප වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“ඈ... ලාජා! තවත් දොඩන්න එනවද? ඔය විදිහට වත් කරන්න ගියොත් රට්ටු මොනවා කියයිද? එතකොට ආර්ය සංඝයා කෙරෙහි කවුරුන් හෝ කළකිරුණොත්, කළකිරී දොස් කිව්වොත් එයින් පව් සිදුවෙනවා නේද? අන් උදවිය කෙරෙහි අනුකම්පාවක් නැද්ද? ඒ නිසා මෙතැන් පටන් මේ පැත්ත පළාතේ ආවොත් බලාගෙනයි! හ්ම්...! දැන් යනවා....”

Comments Off on 9-3. ලාජා දෙව්දුවගේ කථා වස්තුව
Go to Top