10 දණ්ඩ වර්ගය

10-17. සුඛ සාමණේරයන් වහන්සේගේ කථා වස්තුව

2020-02-14T21:42:08+05:30March 21st, 2019|10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"මං අප්‍රමාණ වෙහෙසක් ගත්තා මේ බත් කටක් උදෙසා. මට එහෙම වුණේ පින් මදි නිසයි. අද මේ දවසට කන කෑමෙන් මං හැමදාම ජීවත් වෙන්නෙ නෑ. අනිත් දවස්වලට මං සාමාන්‍ය විදිහටනේ කන්නේ. ඒ නිසා මං මේ දානය ආර්යයන් වහන්සේට පූජා කරනවා.....

10-15,16. පිලෝතික තෙරුන්ගේ කථා වස්තුව

2020-02-14T21:40:08+05:30March 20th, 2019|10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මහණෙනි, ඒක ඇත්ත. මගේ ළයෙහි උපන් දරුවා ආචාර්යයන් වහන්සේට ඇති බැඳීම නිසා තමයි එතනට ගියේ. දැන් ඒ බැඳීම නෑ. තමන්ම තමන්ගේ අකුසල් ගැන ලැජ්ජාව ඇතිකරගෙන තමන්ම තමන්ට අවවාද කරගෙන යහපත් අශ්වයෙක් කස පහර කන්ට....

Comments Off on 10-15,16. පිලෝතික තෙරුන්ගේ කථා වස්තුව

10-14. සන්තති ඇමතියාගේ කථා වස්තුව

2020-02-14T21:42:55+05:30March 19th, 2019|10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“ස්වාමීනී, සිනහ පහළ වෙන්නට සිදුවූ දෙය කුමක්ද? 'පින්වත් ආනන්ද, ඔය යන සන්තති අමාත්‍යයා දෙස බලන්න. අද ඔය ආභරණ වලින්ම ඇමතිතුමාට තථාගතයන් සමීපයට එන්න සිද්ධ වෙනවා. ගාථා පද හතර ඇසෙද්දී මොහු අරහත්වයට පත්වෙනවා. අහසට පැන නැඟී අදම පිරිනිවන් පානවා.'”

Comments Off on 10-14. සන්තති ඇමතියාගේ කථා වස්තුව

10-13. බහුභාණ්ඩික භික්ෂුවකගේ කථා වස්තුව

2020-02-14T21:40:20+05:30March 15th, 2019|10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"පින්වත් භික්ෂුව, කලින් ආත්මෙක නම් ඔබ ඔහොම නොවෙයි. රකුසෙක් වෙලා ඉපදිලා හිරි ඔතප් (ලැජ්ජා භය) දැනගන්න ආසාවෙන් දොළොස් අවුරුද්දක් ඒ ගැන කරුණු සොය සොයා ගියා. දැන් මෙතරම් වටිනා බුද්ධ ශාසනයක පැවිදි වෙලා හිරි ඔතප් නැති කරගෙන මේ සිව්වණක් පිරිස මැද්දෙ හිටගත්තා නේද?"

10-9,10,11,12. මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ කථා වස්තුව

2023-11-16T10:10:28+05:30March 14th, 2019|10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මොග්ගල්ලාන, ඔබ පිරිනිවන් පාන්නේ කොහේද?”“ස්වාමීනී, ඉසිගිලි පර්වත ප්‍රාන්තයේ කාලසිලා ගල්තලාවේ.”“මාගේ ළය මඬලින් උපන් දරුව, මට ධර්මය පවසන්න. මෙබඳු වූ ශ්‍රාවකයෙකුගේ දර්ශනය ලොවට අදින් පසු නොලැබෙන්නේය.”

Comments Off on 10-9,10,11,12. මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ කථා වස්තුව

10-8. අජගර ප්‍රේතයාගේ කථා වස්තුව

2020-02-14T21:44:46+05:30March 1st, 2019|10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"මුගලන් මහරහතන් වහන්සේ යොදුන් විසිපහක් දිග පිඹුරු පෙරේතයෙක් දැක්කා. උගේ හිසෙන් ගිනිදැල් මතුවෙනවා. වලිගය කෙළවර දක්වා වේගයෙන් ඇවිලීගෙන යනවා. ආයෙමත් වලිගය කෙළවරෙන් ගිනිදැල් මතුවෙනවා. හිස දක්වා ඇවිලීගෙන යනවා."

10-7. උපෝසථ සිල්ගත් ස්ත්‍රීන්ගේ කථා වස්තුව

2020-02-14T21:45:49+05:30February 23rd, 2019|10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් විශාඛා, ඕක තමයි සසරේ හැටි. ගොපල්ලෙක් කෙවිටක් අරගෙන ගවයන්ව දක්කනවා වගේ මේ උපන් සත්වයාව ජරා මරණවලට තමයි දක්කගෙන යන්නේ. වෙන මොකවත් නෑ. සසරේම යනවා... ආර්ය සත්‍යය පසක් කරගන්නේ ප්‍රඥාවන්තයන් නෙව.”

Comments Off on 10-7. උපෝසථ සිල්ගත් ස්ත්‍රීන්ගේ කථා වස්තුව

10-5,6. කුණ්ඩධාන තෙරුන්ගේ කථා වස්තුව

2020-02-14T21:46:31+05:30February 18th, 2019|10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“එසේනම් ඔබ ස්ත්‍රීවාදයෙන් මේ භික්ෂූන්ට චෝදනා කරන එක වැරදියි. ඔබගේ පිටුපසින් ස්ත්‍රියක් එනවාය කියන කරුණ සත්‍ය එකක්. ඔබට එය පේන්නෙ නැත්තෙ ඔබගේ කර්ම විපාකයක් නිසා. කාශ්‍යප තථාගතයන් වහන්සේගේ කාලයේදී....

Comments Off on 10-5,6. කුණ්ඩධාන තෙරුන්ගේ කථා වස්තුව

10-3,4. බොහෝ දරුවන්ගේ කථා වස්තුව

2020-02-14T21:40:51+05:30February 17th, 2019|10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“ඉතින් දරුවනේ, ඔයාලා තමන්ට සැප ළඟා කරගන්න හිතාගෙන නේද ඔය සතාට පහර දෙන්නේ? එහෙම කරන අයට උපනූපන් ආත්මයක සැප නම් ලැබෙන්නෙ නැහැ. තමන්ගේ සැප උදෙසා අනුන්ට පහර දෙන්න කිසිසේත්ම වටින්නේ නැහැ.”

Comments Off on 10-3,4. බොහෝ දරුවන්ගේ කථා වස්තුව

10-2. ඡබ්බග්ගිය භික්ෂූන්ගේ කථා වස්තුව

2020-02-14T21:40:35+05:30February 14th, 2019|10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මහණෙනි. භික්ෂූන් වහන්සේලා හැටියට මෙත් සිතින් වාසය කළ යුතුයි නේද? තමන් ගැන පොඞ්ඩක් කල්පනා කරන්න. තමන් දඬුවටම භයයි. අනිත් අයත් දඬුවමට භයයි. තමන්ට තමන්ගේ ජීවිතය ප්‍රියයි. අනිත් අයටත් තමන්ගේ ජීවිතය ප්‍රියයි. මේ නිසා තමන්ව උපමා කරගෙන ගහන මරණ ඒවා නොකර ඉන්න.”

Comments Off on 10-2. ඡබ්බග්ගිය භික්ෂූන්ගේ කථා වස්තුව
Go to Top