Blog

Blog2016-11-08T10:09:37+05:30

November 2014

08. සතර සතිපට්ඨානය තුළ වේදනානුපස්සනාව

By |November 2nd, 2014|Categories: සිතට සුව දෙන භාවනා|

සාමාන්‍යයෙන් වේදනාව කියන වචනය අපි ඉගෙන ගෙන තියෙන්නේ රිදෙන කොට, දුකක් ඇතිවුණාම, පීඩාවක් ඇතිවුණාම, කැක්කුමක් ඇතිවුණාම පාවිච්චි කරන්නයි. අපේ හිතේ සතුටක් ඇතිවුණාට පස්සේ අපි කවදාවත් කියන්නෙ නෑ, ”මට මේ සැප සහගත වේදනාවක් තියෙනවා” කියල කියන්නෙ නෑ. වේදනාව කියල කියන්නේ දුකටමයි. ”මම හරි වේදනාවෙන් ඉන්නෙ” කියල කියනවා. ”ඇඟ පත හරිම වේදනයි” කියනවා. මේ වේදනාව කියන වචනය අපි පාවිච්චි කරන්නේ දුක් සහගත විඳීමකට.

07. නව සීවථික භාවනාව

By |November 2nd, 2014|Categories: සිතට සුව දෙන භාවනා|

බුදුරජාණන් වහන්සේ ගේ කාලෙ කෙනෙක් මැරුණට පස්සේ අමු සොහොනට ගිහින් දානවා. දැම්මට පස්සේ කවුරුත් යන්නෙ නෑ අමුසොහොනට. අමුසොහොනෙදි ඒ මරණයට පත්වෙච්ච ශරීරය, මළකුණ ඉදිමිලා ඉදිමිලා යද්දි, සත්තු විසින් කනවා. ඊට පස්සේ විනාශ වෙලා යනව. මෙන්න මේ කාරණය තමන්ගේ ජීවිතයත් එක්ක ගලපා බලන්න කියල බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළා. ඒකට තමයි මේ නවසීවථිකය කියල කියන්නේ.

06. සතර සතිපට්ඨානය තුළ ධාතු මනසිකාර භාවනාව

By |November 2nd, 2014|Categories: සිතට සුව දෙන භාවනා|

දවසක් පුංචි රාහුල ස්වාමීන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ”රාහුලය, ආනාපානසති භාවනාව වඩන්න” කියල. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ආනාපානසතිය දන්නෙ නෑ. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරල බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා,”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආනාපානසතිය වඩන්නෙ කොහොමද?” කියල. අන්න ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආනාපානසතියට ඉස්සර වෙලා ධාතු මනසිකාරය.

October 2014

අසිරිමත් පසේබුදු පෙළහර 19

By |October 31st, 2014|Categories: අසිරිමත් පසේබුදු පෙළහර|

තියුණු දළ බල ඇති මෘගරාජන් වූ සිංහයා තමන්ගේ සියලු සවියෙන් සියලු සතුන් මැඬගෙන බිය සැක රහිතව ඉන්නවා. අන්න එ් වගේ ඈත හුදෙකලා සෙනසුන්වල වාසය කරමින් දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 19

අසිරිමත් පසේබුදු පෙළහර 18

By |October 31st, 2014|Categories: අසිරිමත් පසේබුදු පෙළහර|

“අහස පොළොව කම්පාවෙන හෙණ හඬට පවා නොසැලී සිටින සිංහයෙක් වගේ, දැලට හසු නොවී පැනයන සුළඟක් වගේ, දියෙහි නොතැවරී තිබෙන නෙළුමක් වගේ ඉන්නයි මං කැමති. එ් නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

අසිරිමත් පසේබුදු පෙළහර 17

By |October 31st, 2014|Categories: අසිරිමත් පසේබුදු පෙළහර|

“අයහපත් දේම හරි විදිහට දකින, වැරදි වැඩපිළිවෙලකම සිටින පාපී පුද්ගලයන්ගේ සහයෝගය නම් දුරුකරන්නම ඕන. එ් මිත්‍රත්වයෙන් ඵලක් නැහැ. ඔවුන් කාමයන්ට වසඟව සියලු කටයුතු ප්‍රමාද කොට වාසය කරන හෙයින් අත්හැර දැමිය යුතුමයි. එ් නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 17
Go to Top