February 2015
2-8. මහා කස්සප තෙරුන් වහන්සේගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, ප්‍රමාදයත්, අප්‍රමාදයත් ගැන දැන් ඔබ දන්නවා. මෙම ගාථාවෙහි පණ්ඩිතයා කියන්නේ රහතන් වහන්සේටයි. නුවණින් යුතු කෙනාටයි. එ් රහතන් වහන්සේ ප්‍රමාදය බැහැර කළ අප්‍රමාදය තුළින් ජීවිතය ජය ගත් කෙනෙක්. උන්වහන්සේ ප්‍රාසාදයකට නගිනවා. එ් ප්‍රාසාදය ප්‍රඥාවෙන් කරපු එකක්. ප්‍රඥාවෙන් කරන ලද ප්‍රාසාදය කියන්නේ චුතූපපාත ඤාණයටයි.
2. The Cittalata Chapter
I will try my best to practice the Dhamma. Even when my body breaks up, I will not give up my effort. This excellent path to Nibbana was discovered by the Supreme Buddhas. This is a straight, secure, and pure path.
2-6,7. නැකැත් සරණ ගිය මිනිසුන්ගේ නිසරු උත්සවයක් ගැන කථා වස්තුව
එම නිසා ප්‍රමාදයෙන් කල් ගත කරන්නට එපා. ප්‍රමාදයට හේතුවන කරුණු ඇති කරගන්නට එපා. කාම සැපය පමණක් ජීවිතයේ එකම ඉලක්කය බවට පත්කර ගන්නට එපා. පින් දහම් රැස්කර ගැනීමත් ජීවිතයට අවශ්‍යයි. අප්‍රමාදීව බණ භාවනා කරන අය මහා සැපයකට පත්වෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා.
සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 28 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය නවම් මස 15 වන දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි.
2-5. චුල්ලපන්ථක තෙරුන්ගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයකට නැගී සිටි වීරිය ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ වීරිය ගන්න ඕන ආකාරය තුන් අයුරකින් පෙන්වා වදාළා. කෙනෙකුට තියෙනවා නම් නිරතුරුවම උත්සාහයක්, අන්න ඒ උත්සාහයට කියනවා ‘ආරද්ධ වීරිය’ කියලා. ඒ කෙනා ඒ උත්සාහය පටන් අරගෙනයි තියෙන්නෙ. ඒ වීරිය ඉතාම ප්‍රබෝධමත් සිතින් පවත්වනවා නම් ඒකට කියන්නෙ ‘නැගී සිටි වීරිය’ කියලා. නැගී සිටි වීරිය තියෙන කෙනා නැණවතෙක්. එයා නුවණ යොදවනවා. නුවණින් සලකනවා. එයාට හොඳ නරක තෝරා බේරා ගෙන නරක බැහැර කරන්න පුළුවන්. හොඳ රැකගන්න පුළුවන්. එනිසා නැගී සිටි වීරිය දියුණු වෙන ජීවිතයකට ඉතාමත් ප්‍රයෝජනයි.
2-4. කුම්භඝෝෂක සිටුතුමාගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලක්ෂණ ඔබත් ඇති කරගන්න. ජීවිතයක් ලෞකික වශයෙන් සාර්ථක වීමට මෙම ගාථාවේ සඳහන් උතුම් කරුණ සම්පූර්ණයෙන්ම බලපානවා. පත පත හිටියා කියලා කිසි කෙනෙක් දියුණු වෙන්නෙ නෑ. දියුණු වෙන්නේ එයට වුවමනා කරන හේතු කාරක ධර්ම ඇති කරගත් දවසටයි.





