Blog

Blog2016-11-08T10:09:37+05:30

May 2015

දෙව්ලොව උපන් සුමෝහිත හිමි

By |May 2nd, 2015|Categories: දහම් ලිපි සරණිය|

එකම පවුලක දරු දෙදෙනෙක් හිටියා. ඔවුනුත් නිතර ධර්මය ඇසුවා. ඔවුන්ටත් ගෞතම බුදු සසුනේ මහණදම් පුරන්න ආසා හිතුනා. දෙමාපියන් ගෙන් අවසර ගෙන මේ දරු දෙදෙනා ඉතා ශ‍්‍රද්ධාවෙන් මහණ වුනා. උපසම්පදාත් වුනා. වැඩිමහල් භික්ෂුවට මෝහිත යන නම ලැබුනා. බාල භික්ෂුවට සුමෝහිත යන නම ලැබුනා.

001. අපණ්ණක ජාතකය

By |May 2nd, 2015|Categories: 01. අපණ්ණක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

මේ කථාව නිසා තිසරණය කියෙන්නේ නිදොස් ප‍්‍රතිපදාව කියල අර උපාසක වරුන්ට වැටහුනා. තිසරණයෙන් බැහැර ඇති පිහිට තියෙනවා කියන තැන් අර අමනුස්සයන් ගේ මායාව වගේ කියලත් අවබෝධ වුනා. භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් පිළිසරණ ඒ උපාසකවරුන්ට තේරුනා. ඔවුන් සියලු දෙනා සෝවාන් ඵලයට පත් වුනා.

April 2015

අසිරිමත් ශාස්තෘත්වය

By |April 30th, 2015|Categories: Uncategorized|

“පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට වුණත් අපහාස කරනවා නම්, ධර්මයට වුණත් අපහාස කරනවා නම්, සංඝයාට වුණත් අපහාස කරනවා නම් ඒ කියුම් ගැන ඔබ විසින් තරහ බැඳගැනීම් නොකළ යුතුයි. අමනාපය ඇති නොකර ගත යුතුයි. සිතේ නොකැමැත්තක් ඇති නොකර ගත යුතුයි.

අසිරිමත් සත්‍ය කථාවක්

By |April 20th, 2015|Categories: Uncategorized|

ඔය විදිහට අම්බසක්ඛර ලිච්ඡවී රජතුමා විශාලා මහනුවර එක්තරා උපාසකයෙක් බවට පත් වුණා. ශ‍්‍රද්ධාවන්ත වුණා. භික්ෂූන්ට මොලොක් සිතින් උපකාර කරන කෙනෙක් වුණා. සංඝයාට ඉතා යහපත් විදිහට උපස්ථාන කළා. හුලමත හිටවපු කෙනා සනීප වුණා. නිදහසේ යන එන කෙනෙක් වුණා. සුවපත් වුණා. උතුම් කප්පිනක ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදින් පැවිදි වුණා. ලිච්ඡුවි රජුයි, ඒ පුද්ගලයායි දෙන්නම මාර්ගඵල අවබෝධ කළා.

ලක්දිවින් දඹදිවට

By |April 17th, 2015|Categories: දහම් ලිපි සරණිය|

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඒ දෙසුම් කියවද්දී අවිද්‍යා සහගත වූ සම්මෝහයෙන් වෙලී සිටි ජනතාව ගේ ඒ මෝහ පටලය නම් වූ කඩතුරාව සී සී කඩව ගිය වැරහැලි බවට පත්කොට යුගාන්තයෙහි අහස්කුස දිලිහෙන හිරු මඬල පරිද්දෙන් ආලෝකය විහිදුවන මුඹ වහන්සේ ගේ ප‍්‍රඥාව ඉස්මතු වෙන ආකාරය වර්ණනා විෂය ඉක්මවා යන්නේය.

Go to Top