March 2015
3-5. භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන්ගේ කථා වස්තුව
පොඩි නමට ගොඩාක් දුක හිතුණා. ගුරුදේවයන් වහන්සේට පවන් සල සලා මහත් දුකෙන් යුක්තව කල්පනා කරන්නට පටන් ගත්තා. ‘මගේ ගුරුදේවයන් වහන්සේ දැන් මා කෙරෙහි සෙනෙහෙවන්ත නැහැ. මා පැමිණියා කියල කිසි විශේෂයක් දැක්වුවෙත් නැහැ. මා ගෙනා පිරිකර පිළිගත්තෙත් නැහැ. උන්වහන්සේට දැන් මගේ උපස්ථාන වුණත් වටින්නෙ නැතුව ඇති.
3-4. උකටලී භික්ෂුවකගේ කථා වස්තුව
බුදුරජාණන් වහන්සේ දඹදිව් තලය සිසාරා පා ගමනින් වැඩම කරමින් ධර්ම දේශනා කොට වදාළේ මේ සිත ජයගැනීම පිණිසයි. මේ සිත දමනය කිරීම පිණිසයි. සිත වසඟ කළ සියල්ලෙන්ම නිදහස් වීම පිණිසයි. බුදුරජාණන් වහන්සේගේ එම ධර්ම දේශනා වලින් මිනිසුන් ලැබූ ආධ්‍යාත්ම ශක්තිය විස්මයජනකයි. සිත ජය ගත නොහැකිව පසුබටව සිටි ජනයා එම සිත ජය ගැනීම තුළින් අභිමානවත් ලෙස නැගී සිටියා.
February 2015
6. The Payasi Chapter
Great Bhante, if someone offers fruit to the community of noble monks who have pure hearts and calm minds, he will receive a great result. He will enjoy birth in the Tavatimsa Heaven experiencing that great result. Bhante, I too offered four pieces of fruits to the Noble Sangha.
3-3. එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව
අනේ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේලා අමනාප වී සිටිනා හැඩයි. අහෝ....! මෙවන් උදාර වූ බුදු සසුනක පැවිදි වූ ඔබවහන්සේලා සිත විතරක් කිලුටු කරගන්න එපා! අමනාපය ඇතිකරගන්නට එපා! තරහ සිත් ඇතිකරගන්ට එපා! ක්‍රෝධය ඇති කරගන්නට එපා! ඔබවහන්සේලාගේ නිවන් මග එ් තුළින්ම වැනසිලා යාවි.
3-1,2. මේඝිය තෙරුන්ගේ කථා වස්තුව
භාවනා කිරීමට සිතාගෙන දෑස පියා ගත්තා. භාවනා කිරීමට පටන් ගත්තා. හරිම පුදුමයි. මේ හිත හැම තැනම විසිරෙනවා. හැමතැනම යනවා. සුළඟකටත් වඩා වේගයෙන් යනවා. මේ සිත වේගයෙන් වෙනස් වෙනස් අරමුණුවලට යනවා. අතීතයේ සිදුවුණු එක එක දේවල් සිතට එනවා. එක එක ආශාවන් සිතට එනවා.
2-12. නිගමතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සල්වනයේ පිරිනිවන් පාන්නට මොහොතකට කලින් සියලු දෙනා අමතා උන්වහන්සේගේ අවසන් අවවාදය වදාළා. එනම්, “හන්දදානි භික්ඛවේ, ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා. අප්පමාදේන සම්පාදේථ “පින්වත් මහණෙනි, මා දැන් ඔබව අවසන් වතාවට අමතමි. සකස් වී තිබෙන සෑම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්තයි. එම නිසා අප්‍රමාදීව නිවන් අවබෝධ කිරීමට මහන්සි ගන්න කියාය.





