Blog

Blog2016-11-08T10:09:37+05:30

October 2014

පින් කිරීමටත් අභියෝග…!

By |October 22nd, 2014|Categories: පින සහ අවබෝධය|

දවසක් බුදුරජාණන් වහන්සේ පිරිසකට ධර්ම දේශනාවක් කළා. එතැන එක්තරා තරුණයෙකුත් ධර්මය අහගෙන හිටියා. ඒ ධර්මයෙන් කියැවුණේ දානය ගැනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සමහර අය තමන්ගේ ධනය වියදම් කරලා දානේ දෙනවා. හැබැයි, ඒකට පිරිස සහභාගි කරවා ගන්නේ නෑ. තමන් තනිවම කරනවා. එහෙම අයට උපනූපන් ආත්මවලදී ධනය ලැබෙනවා. හැබැයි පිරිසක් නෑ. තමන්ට පිනක් දහමක් කර ගැනීමට තමන් එක්ක එකතු වුණු පිරිසක් නෑ. අදත් එහෙම අය ඉන්නවා. හොඳට සල්ලි තියෙනවා. නමුත් එයාට කාත් කවුරුත් නෑ. ඒගොල්ලෝ තනියම පින්කම් කරපු අය.

Comments Off on පින් කිරීමටත් අභියෝග…!

මේ බුද්ධිමත් වීමට කාලයයි…

By |October 22nd, 2014|Categories: පින සහ අවබෝධය|

ජීවිත අවබෝධය සඳහා අපට උපකාරී වන්නේ සීල, සමාධි, ප‍්‍රඥා. එතකොට සීලයක පිහිටලා, අපි කවුරුත් සමාධියක් පිණිස මහන්සි වෙන්න ඕන. චිත්ත සමාධියක් ඇතිකරගෙන ඉන්න ටික ටික හරි පුරුද්දක් ඇතිකර ගත්තොත් ඒ සමාධියකින් ඉන්න මොහොත, කාමයන්ගෙන් වෙන්වූ වෙලාවක්. අකුසල්වලින් වෙන්වූ වෙලාවක්. බුදුරජාණන් වහන්සේ ලෝකයේ සැප අතර කාමයන්ගෙන් වෙන්වූ, අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ සමාධි සැපය හරියට අගය කළා.

Comments Off on මේ බුද්ධිමත් වීමට කාලයයි…

සදහටම දුකින් නිදහස් වන්නට…

By |October 22nd, 2014|Categories: පින සහ අවබෝධය|

මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස වයසට යන්නේ, මැරෙන්නේ අනිත්‍ය නිසානේ. අපට අවබෝධ නොවුණෙත් මේ අනිත්‍යයයි කියන එකමයි. මේවා ‘මගේ නොවේ, මට අයිති නෑ’ කියන එකයි අපට අවබෝධ නොවුණේ. ඒ නිසා අර වින්දනය ඇතිවෙලා තණ්හාව ඇතිවෙන කොට (වින්දනය හටගන්නේ ඇසේ ස්පර්ශයෙන්. වින්දනය නිසා තණ්හාව, ආශාව ඇතිවෙලා ඒක සතුටින් පිළිගන්න කොට) මේකෙ පැවැත්ම ඕන වුණා.

Comments Off on සදහටම දුකින් නිදහස් වන්නට…

මේ තමයි සසරේ හැටි…!

By |October 22nd, 2014|Categories: පින සහ අවබෝධය|

මෙතැන අත්හරිනකොට වෙන තැනක් සතුටින් පිළිගන්නවා. එතැන අත්හරිනකොට තව තැනක් සතුටින් පිළිගන්නවා. මිනිස් ලෝකය අත්හරින කොට ගියේ පේ‍්‍රත ලෝකයටද, එතකොට එතැන සතුටින් පිළිගන්නවා. පේ‍්‍රත ලෝකය අත්හරින කොට ගියේ තිරිසන් ලෝකයටද, එතකොට එතැන සතුටින් පිළිගන්නවා. තිරිසන් ලෝකය අත්හරිනකොට ගියේ නිරයටද, එතකොට එතැන සතුටින් පිළිගන්නවා. මේක තියෙනකම් උපාදානයට කොටුවෙනවා. උපාදානයට කොටුවෙනකම් ඇන්ජිම වැඩකරනවා. ඇන්ජිම වැඩකරනකම් උපදිනවා.

බුද්ධිමත් කෙනා ඔබ වෙන්න පුළුවන්…

By |October 22nd, 2014|Categories: පින සහ අවබෝධය|

කාමය කියන්නේ පංචකාම ගුණයන්ට ඇති ආශාවනේ. සිත්කළු, ලස්සන රූප දැක්කාම අපි ඒ රූපයට අහුවුණා. මිහිරි ශබ්දය ඇහුණට පස්සේ ඒ සද්දයට අහුවුණා. ගඳ සුවඳ දැනුණාම ඒ සුවඳට අහුවුණා. ප‍්‍රණීත රසයක් දිවට දැනුණාම ඒ රසයට අහුවුණා. කයට පහස දැනුණාම ඒ පහසට අහුවෙනවා. මේ තමයි පංච කාමය. පංච කාමයට අපි අහුවෙනවද? එහෙම නැත්නම් අහුනොවී ඉන්නවාද? අහුවෙනවා. මේකට කොටු වෙනවා. කොටුවුණාට පස්සේ ඒකෙන් අපට ගැලවෙන්න බෑ.

Comments Off on බුද්ධිමත් කෙනා ඔබ වෙන්න පුළුවන්…

මරණය ඉදිරියේ අසරණ නොවීම සොයා…

By |October 22nd, 2014|Categories: පින සහ අවබෝධය|

මොකක්ද මේ මරණයත් එක්ක තියෙන දුක? මරණයත් එක්ක තියෙන දුක බැඳිලා තියෙන්නේ ඉපදීමත් එක්කයි. රෝග පීඩා වැළඳීමත් සමඟ දුකක් තියෙනවා. ඒ දුක බැඳිලා තියෙන්නේ ඉපදීමත් එක්කයි. නාකිවීමත් එක්ක දුකක් තියෙනවා. ඒ දුක බැඳිලා තියෙන්නෙත් ඉපදීමත් එක්කයි. අපි කැමතියි ඉපදෙන්නේ නැතුව ඉන්න. අපි කැමතියි වයසට යන්නේ නැතුව ඉන්න. අපි කැමතියි ලෙඩ වෙන්නේ නැතුව ඉන්න. අප කැමතියි මැරෙන්නේ නැතුව ඉන්න. නමුත් ඒ කැමති දෙය ලැබෙන්නේ නෑ.

Comments Off on මරණය ඉදිරියේ අසරණ නොවීම සොයා…
Go to Top