Blog

Blog2016-11-08T10:09:37+05:30

October 2014

අවබෝධයක් නැති ජීවිතයක අනතුර…

By |October 22nd, 2014|Categories: පින සහ අවබෝධය|

බුද්ධිමත් මනුස්සයන් හැටියට අපට අවබෝධ කරන්න දෙයක්, අවබෝධය වීම පිණිස උපකාර වන දෙයක් යම්කිසි ප‍්‍රමාණයකට හරි දැන කියාගන්න ලැබුණොත් ඒක අපට ඉතාමත්ම ප‍්‍රයෝජනයි. මොකද හේතුව, අපට කවදාවත් අවබෝධ කරගන්නේ නැතුව මේකෙන් එතෙර වෙන්න බෑ, සතර අපායෙන් මිදෙන්න බෑ. ඔබ මුළු ජීවිත කාලයම සුදු ඇඳගෙන ඉන්නවා කියන්න. මං මුළු ජීවිත කාලයම මහණ වෙලා ඉන්නවා කියමු. අපි දෙගොල්ලන්ටම අවබෝධ කරන්නේ නැතුව සතර අපායෙන් එතෙර වෙන්න පුළුවන් වේවිද? බෑ.

Comments Off on අවබෝධයක් නැති ජීවිතයක අනතුර…

සතුට පිරුණු ජීවිතයකට…

By |October 22nd, 2014|Categories: පින සහ අවබෝධය|

දැන් ඔබ හොඳටම දන්නවා, පින ඊළඟ ජීවිතයේ සැප ලබාදෙනවා දෙනවාමයි කියලා. කොහොමද දන්නේ? අපි ඒ බව දන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අප තුළ තියෙන පැහැදීම නිසයි.

Comments Off on සතුට පිරුණු ජීවිතයකට…

රැගෙන යන්නේ පිනත් අවබෝධයත් විතරයි…

By |October 22nd, 2014|Categories: පින සහ අවබෝධය|

ඔබ රැස්කරන පිනත් එක්ක, චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්න නම් කරුණු දෙකක් ඕන. ඒ තමයි, ‘පින’ ඕන. ඒ වගේම ‘අවබෝධය’ ඕන. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ගිහි හෝ පැවිදි හෝ අය අතරින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දෙක විතරයි. අපට වැදගත් වෙන්නේ ඒ දෙක විතරයි. මොකද, අපි අරගෙන යන්නේ ඔය දෙක විතරයි. පිනයි, අවබෝධයයි. ඔබට අරගෙන යන්න තියෙන්නෙත් ඒ දෙක විතරයි.

Comments Off on රැගෙන යන්නේ පිනත් අවබෝධයත් විතරයි…

සැමට සැප පිණිස පවතින්නේ පිනමයි…

By |October 22nd, 2014|Categories: පින සහ අවබෝධය|

මේ ලෝකයේ අසාර්ථක දේවල් අතර බොහෝ දෙනෙකුගේ ජීවිතවල අසාර්ථක දෙයක් තමයි, විවාහය. විවාහ ජීවිතය ගොඩක් දෙනෙකුගේ අසාර්ථකයි. ඒ අසාර්ථක වෙන්න හේතුව මොකක්ද? දැන් අපි ගත්තොත් සමහර විට දුවෙකුයි පුතෙකුයි ආදරය කරමින් අවුරුදු ගාණක් ඉන්නවා. ඊට පස්සේ ඒ දෙන්නා බඳිනවා. බැඳලා සුමානයි, දෙකයි. රණ්ඩු පටන්ගන්නවා. ඊට පස්සේ ඉතින් වද විඳ විඳ, පීඩා විඳ විඳ, අසහනයෙන් ඉන්නේ. දැන් දරුවෝ ඉන්නවා. දරුවෝ ඉන්න නිසා විඳව විඳවා කරගහගෙන යන්න ඕන.

Comments Off on සැමට සැප පිණිස පවතින්නේ පිනමයි…

මේ මනුෂ්‍ය ජීවිතය අසාර්ථක වුණොත්…?

By |October 22nd, 2014|Categories: පින සහ අවබෝධය|

මෙන්න මේකෙදී පින හඳුනාගැනීමට අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම්ගෙන සිටීම ගොඩාක් උපකාරී වෙනවා. ඔබට මතකද මං මුලින්ම කිව්ව දෙය? අපි කී වතාවක් මිනිස් ලෝකයට ඇවිල්ලා ඇද්ද? ආපු හැම මිනිස් ආත්මයකම ඒ ජීවිතය සාර්ථක වුණා කියලා කියන්න පුළුවන්ද? අපි ඒක දන්නේ නෑ. මේ මනුස්ස ජීවිතයත් අප හිතෙන ප‍්‍රමාණයට සාර්ථක කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි, මේක අපට ලැබෙන එකම මනුස්ස ජීවිතයත් නොවෙයි. තවත් ඉස්සරහට ඕනතරම් මනුස්ස ජීවිත ලැබෙන්න පුළුවන්.

Comments Off on මේ මනුෂ්‍ය ජීවිතය අසාර්ථක වුණොත්…?

සැපයට පසුබිම පිනයි…

By |October 22nd, 2014|Categories: පින සහ අවබෝධය|

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් කරුණු කීපයක් කියලා දෙන්න. අපි මේ මනුස්ස ලෝකයට කී වතාවක් එන්න ඇද්ද කියලා අපි දන්නේ නැහැ. අපි තිරිසන් ලෝකයේ කී වතාවක් උපදින්න ඇද්ද කියලත් අපි [...]

Comments Off on සැපයට පසුබිම පිනයි…
Go to Top