පින්බර වෙසක් පුන් පොහෝ දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන්, බණ්ඩාරවෙල සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑ පින්බිමේ අභිනවයෙන් ඉදිවූ මනස්කාන්ත බෝධි මණ්ඩපය අපගේ භාග්‍යවතුන් වහන්සේ ‍උදෙසා පූජා කරන්නට යෙදුනි.

එමෙන්ම ලක්විරු ගුවන්විදුලියේ ඌව වෙල්ලස්ස විකාශනයේ සමාරම්භය සනිටුහන් කරමින් එදින පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන්නට යෙදුනු ධර්ම දේශනය සහ බෝධි වන්දනාවද ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ සජීවීව විකාශය කරන්නට යෙදුනි.

මේ උදාර පුණ්‍යකර්මයෙන් ජනිත සියලු පින් මේ සඳහා ආධාර කළ සියලු පින්වතුන්ටත් ශ්‍රමයෙන් දායකත්වය දැක්වූ සියලු පින්වතුන්ටත්, දැක්බලා අනුමෝදන් වන ඔබ සෑම සියලු දෙනාටත් අනුමෝදන් වී නිඳුක් නීරෝගී සුව, චිර ජීවනය සැළසෙත්වා! සුවසේම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම හේතු වාසනා වෙත්වා!