මහාවංශය

මහාවංශය – විසිනවවෙනි පරිච්ඡේදය

2019-07-18T21:08:19+05:30July 18th, 2019|මහාවංශය|

ඔය ආකාරයෙන් දුටුගැමුණු රජ්ජුරුවන් වහන්සේව ආදර්ශයට ගෙන, උතුම් රතනත්‍රයෙහි පහන් සිතින් යුක්තවූ බුද්ධිමත් මනුෂ්‍යයා දානාදී පින්කම් කිරීම පිණිස, ත්‍යාගයට යොමු වූ සිතින් යුක්ත විය යුතුයි. ලෝකයාගේ මෙලොව පරලොව දෙකෙහි යහපත උදාකරදීම උතුම් ම දෙය බව අවබෝධ කරගෙන, ශ්‍රද්ධාදී නොයෙක් උතුම් ගුණධර්මයන්ට ඇළුම් කරන්ට ඕනෑ.

Comments Off on මහාවංශය – විසිනවවෙනි පරිච්ඡේදය

මහාවංශය – විසිඅටවෙනි පරිච්ඡේදය

2019-07-14T10:42:03+05:30July 14th, 2019|මහාවංශය|

ශරීරයට ලැබෙන ඉවසිය නොහැකි පීඩාවන් පවා මෙනෙහි නොකොට පහන් සිතින් රැස්කළ පින් බලයෙන් යුතු දුටුගැමුණු රජ්ජුරුවන්ට මහාසෑය කරවන්ට පින් බලයෙන් වස්තුව ලැබුනු අයුරු සිහිකොට සැප ලබාදෙන පින් ම යි සිය ගණන් කරන්ට ඕනෑ. එනිසා අපිත් පහන් සිතින් යුක්තව පින් ම යි කරන්ට ඕනෑ.

මහාවංශය – විසිහත්වෙනි පරිච්ඡේදය

2019-07-10T17:31:24+05:30July 10th, 2019|මහාවංශය|

1. ඊටපසු පරම්පරාවෙන් අස්සවන ලද ඉතා ප්‍රසිද්ධව අසන්ට ලැබුනු කතාවක් ගැන අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ සිත […]

මහාවංශය – විසිහයවෙනි පරිච්ඡේදය

2019-07-08T18:31:58+05:30July 8th, 2019|මහාවංශය|

‘ස්වාමීනී, සංඝයාව සිහි නොකොට මං මිරිස්වැටියක් අනුභව කළා. ඒ වරදට මට දඬුවමක් වේවා! යි කියලා ඉතා මනහර ලෙස චෛත්‍ය සහිතව මිරිසවැටි විහාරය කෙරෙව්වා. අපගේ සංඝයා වහන්සේ මේ විහාරය පිළිගන්නා සේක්වා! කියලා ඉතා සතුටු සිතින් යුක්තව අතපැන් වක්කරලා භික්ෂු සංඝයා උදෙසා විහාරය පූජා කළා.

මහාවංශය – විසිපස්වෙනි පරිච්ඡේදය

2019-07-06T17:59:55+05:30July 6th, 2019|මහාවංශය|

දුටුගැමුණු රජ්ජුරුවෝ තමන්ගේ කඩොල් ඇතා ලවා එළාර රජ්ජුරුවෝ ඔසොවාගෙන හිටිය පර්වත ඇතාට දළෙන් ඇන්නුවා. එළාර රජ්ජුරුවන්ට තෝමරයෙන් දමලා ගැසුවා. එතකොට ඇතාත් සමඟ රජ්ජුරුවෝ ඇදගෙන වැටුනා. දිනාගත් යුද්ධය ඇති, මහා බලසේනා වාහනයන්ගෙන් යුක්ත අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ ලංකාව එකම ඡත්‍රයක් යටතට අරගෙන අනුරාධපුර නගරයට පිවිසියා.

මහාවංශය – විසිහතරවෙනි පරිච්ඡේදය

2019-07-02T20:53:33+05:30July 2nd, 2019|මහාවංශය|

ඒ යුද්ධයේ දී තිස්ස කුමාරයාගේ දහස් ගණන් මිනිස්සු යුද්ධ කරද්දී මරණයට පත්වුනා. ඔහුගේ මහා බලය බිඳිලා ගියා. ‘මාගේ පිට උඩින් ස්ත්‍රී සතෙකුව පැන්නුවේ මේ ඇත්ගොව්වාගේ අදක්ෂකම නිසා ය’ කියලා කඩොල් ඇතාට හොඳට ම කේන්ති ගියා. තිස්ස කුමාරයාව බිම වට්ටවන්ට ඇඟ සොලව සොලවා එක්තරා රුකක් වෙත ගියා. තිස්ස කුමාරයා ගහට ගොඩ වුනා. කඩොල් ඇතා තමාගේ ස්වාමියා වන දුටුගැමුණු රජ්ජුරුවෝ ළඟට ගියා. ඇතා පිට නැගපු දුටුගැමුණු රජ්ජුරුවෝ පලායන තිස්ස කුමාරයාගේ පිටිපස්සෙන් පැන්නුවා.

මහාවංශය – විසිතුන්වෙනි පරිච්ඡේදය

2019-06-29T10:19:38+05:30June 29th, 2019|මහාවංශය|

ඒ දස මහා යෝධයෝ රාජ අණ පරිදි එක් එක්කෙනා තව යෝධ පුරුෂයන් දස දෙනා බැගින් සොයාගෙන රජ්ජුරුවන් ඉදිරියට ඇවිත් පෙනී හිටියා. ඒ යෝධයන් සියලු දෙනාටත් වෙන වෙනම යෝධයන් දහ දෙනා බැගින් සොයාගෙන එන්ට කියලා අණ කළා. එතකොට ඔවුන් සියලු දෙනාත් යෝධයන් දහ දෙනා බැගින් සොයාගෙන ඇවිත් රජ්ජුරුවෝ ඉදිරියේ පෙනී සිටියා. රජ්ජුරුවෝ දහසක් වූ ඔවුන්ට කලින් වගේ ම වෙන වෙන ම යෝධයන් දහ දෙනා බැගින් සොයාගෙන එන්ට කියලා නියම කළා. ඒ යෝධයන් දහස් දෙනාත් රාජ අණ පරිදි එක් එක්කෙනා යෝධයන් දහ දෙනා බැගින් සොයාගෙන ආවා. ඒ යෝධයන් සියලු දෙනාම එකතු කළ විට එකොළොස් දහස් එකසිය දහ දෙනෙක් වුනා.

මහාවංශය – විසිදෙවෙනි පරිච්ඡේදය

2019-06-26T20:46:37+05:30June 26th, 2019|මහාවංශය|

ගැමුණු කුමාරයා ක්‍රමයෙන් වැඩෙද්දී වයස අවුරුදු දහසයක් වුනා. පිනෙන්, යසපිරිවරින්, ධෛර්ය සම්පන්න බවින්, තේජෝබල පරාක්‍රමයෙන් යුක්ත වුනා. සත්වයෝ නොයෙක් අයුරින් සැලෙන ඉතා ඉතා සැලෙන උත්පත්තිගති ස්වභාවයෙන් යුක්තයි. තමන් තමන් රැස්කරන්නා වූ පුණ්‍ය බලයෙන් සාමණේරයන් වහන්සේ මැනවින් සිත පිහිටුවා ගෙන යළි මිනිස් ලොව මනා ස්වභාවයෙන් උපන් අයුරින් කැමැති පරිදි උතුම් උපතකට යන්ට පුළුවනි. ඔය විදිහට නුවණින් කල්පනා කරන බුද්ධිමත් කෙනා මහත් ආදරයෙන් යුක්තව පින් රැස් කරගන්ට ඕනෑ.

මහාවංශය – විසිඑක්වෙනි පරිච්ඡේදය

2019-06-21T20:38:13+05:30June 21st, 2019|මහාවංශය|

සොළී රටේ ඉඳන් රාජ්‍යය අල්ලාගන්ට මේ ලංකාවට ආපු ඍජු ස්වභාව ඇති එළාර නම් දෙමළෙක් අසේල රජ්ජුරුවන්ව ජීවග්‍රාහයෙන් අල්ලාගත්තා. ඔහු හතළිස් හතර අවුරුද්දක් ලංකා රාජ්‍යය පාලනය කළා. එළාර රජ්ජුරුවෝ නඩු විසඳන අවස්ථාවේදී සතුරන් කෙරෙහිත් මිතුරන් කෙරෙහිත් මධ්‍යස්ථව තීන්දු දුන්නා. රජ්ජුරුවෝ තමන් සැතපෙන ඇඳට ඉහළින් ඉතා දිග ලණුවක් ඇතිව ඝණ්ඨාරයක් එල්ලා තිබුණා. ඒ සාධාරණ විනිශ්චය කැමති අයට නාද කරනු පිණිසයි.

Comments Off on මහාවංශය – විසිඑක්වෙනි පරිච්ඡේදය

මහාවංශය – විසිවෙනි පරිච්ඡේදය

2019-06-20T14:39:00+05:30June 20th, 2019|මහාවංශය|

උත්තිය රජ්ජුරුවෝ රාජ්‍යාභිෂේක කරලා ජයග්‍රාහී අටවෙනි වර්ෂයේ උපසම්පදාවෙන් සැට වසරක් ගත වුන අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයේ වැඩ වාසය කළා. වප් මාසයේ පුර පක්ෂයේ අටවෙනි දවසේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළා. ඒ නිසා වප් මාසයේ පුර අටවක දවස උන්වහන්සේගේ නමින් හැඳින්වුනා. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අටවක දා පිරිනිවන් පෑ සේක. එනිසා ඒ පුර අටවක දා ‘ශ්‍රී මිහිඳු පුර අටවක’යි සම්මත වුනා.

Go to Top