නවතම පුවත්

හොරණ මහමෙව්නාව භාවනා අසපුවේ නව කුටි සෙනසුන් සඳහා මුල්ගල් තැබීමේ පින්කම

2018-05-31T20:22:58+05:30May 31st, 2018|News, නවතම පුවත්|

2018 මැයි 27 වන දිනට අසපුව පූජා කර වසර 11 ක් සැපිරීම නිමිති කරගෙන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදය මත හොරණ මහමෙව්නාව භාවනා අසපුවේ හුදෙකලා භාවනා කුටි සෙනසුන් සදහා ද කුටි සංකීර්ණය තුළ නව භාවනා කුටි සෙනසුන් සදහා ද මුල්ගල් තබන්නට යෙදුනා. හොරණ නගරාධිපති තැන්පත් ඩබ්ලිව්. සිරිසෝම මහතා, හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක නයන ප්‍රියන්ජිත් වැලිකල මහතා ඇතුළු පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්තුමා, ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය, හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා සහ අසපු භුමිය බුදු සසුනට පූජා කළ ඩී.කේ. සුබසිංහ මහතා, ජීවක සුබසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේ මෙම පින්කම සිදුවිය... පින් කැමැත්තෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා...!

අසිරිමත් සම්බුදු තෙමඟුල් වර්ණනාව – 2018-05-26 (ඡායාරූප)

2018-05-30T20:22:07+05:30May 27th, 2018|News, නවතම පුවත්|

මින් විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වය පතනු මැනවැයි කියා දෙවියන්ගෙන් ඇරයුම් ලැබූ මොහොතේ පටන් මින් වසර දෙදහස් පන්සිය හැට දෙකකට පෙර පහන් සිලක් නිවී යන සේ පිරිනිවන් වැඩි මොහොත දක්වා අසිරිමත් සම්බුදු දිවියේ තොරතුරු (සංක්ෂේපයෙන්) විස්තර කරමින් විශේෂ දහම් වැඩසටහනක් ඊයේ දින (2018-05-26) රාත්‍රී 8 සිට රැය පහන්වන තුරු පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පැවැත්වුනා.

ගර්භිනී මව්වරුන්ගේ සදහම් වැඩසටහන – 2018-05-20.

2018-05-23T10:27:38+05:30May 23rd, 2018|News, නවතම පුවත්|

"පින්වන්ත දරුවන් ලබන්නට නම්" ගැබිණි මව්වරුන්ගේ සදහම් වැඩසටහන් මාලාවේ පස් වන අදියර මාතර සමූපකාර සමිති ශාලාවේදී මැයි මස 20 වන දින පවත්වන්නට යෙදුණි. මේ තුළින් රැස් වූ සියලු පින් සියලු දෙනාම සතුටින් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලබත්වා!

Comments Off on ගර්භිනී මව්වරුන්ගේ සදහම් වැඩසටහන – 2018-05-20.

පිවිතුරු පැන් පූජා – 6 වන අදියර (ඡායාරූප)

2018-05-17T21:27:04+05:30May 17th, 2018|News, නවතම පුවත්|

බැර ලෝහ මිශ‍්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ‍්‍රද්ධා රූපවාහිනියත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මගින් ක‍්‍රියාත්මක කරන ශ‍්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සයවන අදියර යටතේ, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගිරිතලේගම, බැඳිවැව, සුහදපුර, යුදගනාව, කුමුදුපුර, මයිලගස්හන්දිය යන ගම්මානවල වෙසෙන දසදහසකට ආසන්න ගම්වාසීන් උදෙසා ඉදිකළ, රුපියල් ලක්ෂ 85ක වටිනාකමින් යුත් ජල පිරිපහදු මධ්‍යස්ථාන හයක් නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2018 මැයි 14, 15 යන දෙදින එම ගම්මානවලදී පැවැත්විණි.

දකුණු කොරියා – අන්සාන් අසිරිමත් වෙසක් පින්කම

2018-05-12T06:12:24+05:30May 12th, 2018|News, නවතම පුවත්|

පින්බර වෙසක් මාසයේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ත්‍රෛමංගල්‍යයට උපහාර පිණිස අන්සාන් මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කරනු ලැබු අසිරිමත් වෙසක් සදහම් මංගල්‍යය මැයි මස 06 වන දින දී අන්සාන් විදේශ සේවා සුභසාධක මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. විවිධ රටවල බෞද්ධ සංස්කෘතික අංග ඇතුලත් අලංකාර පෙරහැර, කොරියානු ජාතික ස්වාමීන් වහන්සේලා සහ මහමෙව්නා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් සිදුකල අසිරිමත් වන්දනා සහ ධර්ම දේශනා, සංගීත් විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් දෙපල හා ඒකාත්මික වූ බැති ගී සරණිය, අලංකාර වෙසක් කූඩු ප්‍රදර්ශනය, ප්‍රයිඩ්රයිස් දන්සැල ආදී නොයෙක් ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් අලංකාර වූ මේ රමණීය පින්කම දෙස් විදෙස් බොහෝ සැදැහැවතුන්ගේ ප්‍රසාදයට බදුන්විය.

සිරි ගෞතම සිරිපා විහාරය සම්බුදු සසුනට පූජා කිරීම

2018-05-02T21:43:29+05:30May 2nd, 2018|News, නවතම පුවත්|

ශ‍්‍රී ලංකා මාතාවගේ මිණි කිරුළ බඳු වූ සමනොළ ගිරිහිස සුපිහිටි අප භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් වාම ශ‍්‍රී පාද පද්මය සිහිපත් කරවමින් ඉන්දියාවේ හිමාල ප‍්‍රදේශයෙන් හමු වූ නීල වර්ණ මාණික්‍යමය පාෂාණයක් මත පිහිටුවාලූ ජීවමාන ලෙසින් දිස්වන සිරිපා අනුරුව සහ වසර දෙදහස් ගණනක් ඉපැරණි සෑ රජාණන් වහන්සේ නමකගේ කැණීම්වලදී හමුවූ සිරිපා සලකුණු සහිත මංජුසාවක තැන්පත් ව තිබූ උතුම් ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වඩාහිඳුවන ලද, කඩුවෙල, මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පින් බිමේ සිරි ගෞතම සිරිපා මහා විහාරය ගෞතම බුදුසසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය මැයි පළමුවැනි දින පවත්වන්නට යෙදුණු අතර එහිදී සිරි ගෞතම සිරිපා මහා විහාරය නිල වශයෙන් විවෘත කෙරුණේ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතිනි.

අසිරිමත් සර්වඥ ධාතූ පූජා මංගල්‍යය සහ පෙරහැර

2018-04-30T10:38:30+05:30April 30th, 2018|News, නවතම පුවත්|

කඩුවෙල, හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිවූ සිරි ගෞතම සිරිපා මහා විහාර මන්දිරයේ තැන්පත් වන අසිරිමත් සර්වඥ ධාතූන් වහන්සේලාට උපහාර පිණිස පවත්වන අසිරිමත් සර්වඥ ධාතූ පූජා මංගල්‍යය සහ පෙරහැර අප්‍රේල් මස 28 සෙනසුරාදා සවස 4.00 සිට කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්‍රයේ දී පැවැත්විය. අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වූ මෙම උතුම් පුණ්‍යකර්මයෙන් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවිවරුන්ටත්, සිරි ගෞතම සිරිපා විහාරය තනවනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!

පොල්ගහවෙල අසපුවේ වෙසක් පුන් පොහෝදා වැඩසටහන් පෙළගැස්ම

2018-04-26T22:16:42+05:30April 26th, 2018|News, නවතම පුවත්|

එළඹෙන වෙසක් පුන් පොහොය දිනයේදී පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සීල භාවනා වැඩසටහන පැවැත්වෙන්නේ පහත පරිදි ය. එමෙන්ම වෙසක් පුන් පොහෝදා සිට මැයි 06 දින දක්වා බාල පණ්ඩිත සූත්‍රය ඇසුරෙන් නිරය සහ දෙව්ලොව පිළිබඳ තොරතුරු විදහා දක්වන විශේෂ නිර්මාණයක් ද මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කොට තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර මෙම සබැඳිය ඔස්සේ දැනගත හැකිය.

Comments Off on පොල්ගහවෙල අසපුවේ වෙසක් පුන් පොහෝදා වැඩසටහන් පෙළගැස්ම

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ වෙසක් විශේෂාංගය

2018-04-23T13:12:45+05:30April 23rd, 2018|News, නවතම පුවත්|

මජ්ඣිම නිකායට අයත් මෙම දෙසුමෙහි ඇතුලත් කරුණු පිළිබඳ නිසි අවබෝධයක් ලබාදෙනු පිණිස යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරවන චලන රූපක භාවිතා කරමින් ඉතා අසිරිමත් නිර්මාණයක් එළඹෙන වෙසක් මංගල්‍යය නිමිත්තෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් ඉදිරිපත් කොට තිබේ. මෙම වෙසක් විශේෂාංගය අප්‍රේල් මස 29 වන දින වෙසක් පුන් පොහෝ දා සිට මැයි මස 06 වන දින දක්වා උදෑසන 6.00 සිට රාත්‍රී 9.30 දක්වා එම ශාලාව ඔබ වෙනුවෙන් විවෘතව පවතී.

සිඩ්නි අසපුවට බෝධීන් වහන්සේ වැඩම කරවීම

2018-04-20T10:43:09+05:30April 20th, 2018|News, නවතම පුවත්|

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ ශ්‍රී ලංකාද්වීපයේ සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපු පින්බිමට වැඩමකරවන්නට යෙදුන උතුම් බෝධීන්වහන්සේ නමක් 2018-04-15 වන දින සිඩ්නි නුවර සුපිහිටි මහමෙව්නාව භාවනා අසපු පින්බිමට වැඩමකරවන්නට යෙදිණි. අලංකාර ලෙස සරසන ලද ‍නෞකාවක වඩාහිඳුවා ධජපතාක නැංවූ මගෙහි ‍සැදැහැවතුන්ගේ සාදුකාර මධ්‍යයේ හේවිසි හා සංඛ නාදයෙන් පුදමින් දර්ශනිය ‍පෙරහැරකින් වැඩම කරවූ බෝධින්වහන්සේ මලින් සැරසු සොඳුරු මණ්ඩපයක තැන්පත් කෙරිණි. අනතුරුව සැදැහැ සිතින් පිළියෙල කල මල්, පහන්, ගිලන්පස ආදී සියලු පුජාවන් පුජාකරමින් සිදුකළ අසිරිමත් බෝධි වන්දනාව බොහෝ දෙනාට පිං ඵල උපදවන්නක් විය.

Comments Off on සිඩ්නි අසපුවට බෝධීන් වහන්සේ වැඩම කරවීම
Go to Top