තායි වන්දනා පාද යාත්‍රා


මාතර උඩඅපරැක්ක මහමෙව්නාව මහා විහාරයත් දකුණු පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයත් හා එකතුව "පින්වන්ත දරුවන් ලබන්නට නම්" යන මැයින් ගර්භණී මව්වරුන් වෙනුවෙන් වන විශේෂ සදහම් වැඩසටහන් පෙළක් මාතර දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබේ. මාතර දිස්ත්‍රික්කයේ වාර්ෂිකව 12000 කට අධික ගර්භණී මව්වරුන් පිරිසක් සිටින අතර එම මව්වරුන්ගේ අධ්‍යාත්මය ගුණදහමින් පෝෂණය කිරීමත් කුස තුළ සිටින දරුවන්ට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලබා දීමත් මහා බල ඇති මහා තෙද ඇති අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත සීලානුභාව බලයෙන් මව්වරුන්ට සෙත්පතා අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ලබා දීමත් යන මූලික අරමුණ සහිතව මෙම වැඩසටහන් පෙළ ක්‍රියාත්මක වෙයි.
යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යය ම ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් තෙවැනි වරටත් සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන ‘ සදහම් වැඩසටහන 2018 පෙබරවාරි 13 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අතිසාර්ථකව නිමාවට පත්විය. අපගේ ගුරුදේවොත්තම කල්‍යාණමිත්‍ර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබූ බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සූත්‍ර සජ්ඣායනා ආදී නන්විධ පුණ්‍ය දහරාවන්ගෙන් සමන්වින්විත වූ මෙම වැඩසටහන සඳහා යොවුන් දූදරුවන් 5000කට අධික පිරිසක් සහභාගි විය.
බිබිල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකළ සිරි ගෞතම බෝධි මණ්ඩපයෙහි, විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් රෝපණය කිරීම හා නව කුටි සෙනසුන් සඟසතු කොට පූජා කිරීමේ පින්කමක් පසුගිය ජනවාරි මස 27 වන දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
මාතර දිස්ත්‍රික්කය පුරාවට වසරකට ගැබිණි මව්වරුන් 12000කට අධික ප්‍රමාණයක් පින්වන්ත දරුවන් දැයට දායාද කරන අතර මේ පින්වන්ත දරුවන් හට මහා බල ඇති අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආරක්ෂාවත් තුනුරුවනේ අනන්ත ආශීර්වාදයත් ලබාදීම පිණිස මාතර උඩ අපරැක්ක මහමෙව්නාව මහා විහාරයේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් සහ යොවුන් සභාවේ දරුවන්ගේ සංවිධානයෙන් සැදැහැතියන්ගේ ධන පරිත්‍යාගයෙන් ගැබිණි මව්වරුන් උදෙසා සීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වේ. දකුණු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමාගේ සහයෝගයෙන් මාතර, වැලිගම, දික්වැල්ල, අකුරැස්ස, හක්මණ, දෙණියාය, කඹුරුපිටිය ආදී ප්‍රදේශ වල සීල භාවනා වැඩසටහන් සංවිධානය කිරීමට අපේක්ෂිත අතර ඉන් පළමු වැඩසටහන පසුගිය ජනවාරි මස 20 වන දින වැලිගම නගර ශාලාවේදී පැවැත්වීමට හැකි විය.
වැලිකඩ බන්ධනාගාරයේ නොයෙක් අයුරින් දඬුවම් විඳිමින් සිටින, වැරදි කළවුන් හට වළාකුලින් මිඳුනු පුන් සඳක් සේ තම ජීවිතය අලෝකමත් කරගැනීමට උපකාර පිණිස ඒ සිරකරුවන් ගේ ජීවිත වලට උතුම් ශ්‍රී සද්ධර්මය සමීප කරන්නට මහමෙව්නාව භාවනා අසපුව මගින් ක්‍රියාත්මක වන තාවතිංස යාත්‍රා සංවිධානය ගත් වෑයමක් ගැනයි මේ පුණ්‍ය සටහන. මේ යටතේ 2017 දෙසැම්බර් මස 31 වැනි දින උදෑසන පටන් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර අපගේ කල්‍යාණමිත්‍ර පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිරකරුවන් උදෙසා උතුම් ධර්මය පහදා දෙමින් සීල භාවනා වැඩසටහන සිදු කෙරුනා. සිරකරුවන් 1000 ක පමණ පිරිසක් එදින උපෝසථ අට්ඨාංග සීලයේ සමාදන් ව වැරදි වලින් අත්මිදී ජීවිත සුවපත් කරගැනීමට උපකාර වන ධර්මය ශ්‍රවණය කරමින්, භාවනාවේ යෙදෙමින්, තම ජීවිත වලට බොහෝ පින් රැස්කර ගන්නට යෙදුනා.
උදා වූ නව ව්‍යවහාරික වර්ෂයට සෙත්පතා ශ්‍රද්ධා මාධ්‍යජාලය මඟින් ඊයේ දිනයේදී (2017-12-31) ආශීර්වාදාත්මක බෝධි වන්දනාවක් සහ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ශ්‍රද්ධා රූපවාහිනිය සුපිහිටි කඩුවෙල හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී පවත්වන ලදී. දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු මෙම අසිරිමත් පින්කමේදී මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විශේෂ ධර්ම දේශනාවක් ද පවත්වන ලදී. එම ධර්ම දේශනාවේදී උන්වහන්සේ විසින් ඉස්මතු කොට පෙන්වන ලද්දේ උදාවන නව ව්‍යවහාර වර්ෂයේදී ධර්මයේ නාමයෙන් පවසන අධර්මයන්ට මුළා නොවී නුවණින් යුක්තව කටයුතු කොට තමන්ගේ තිසරණය ආරක්ෂා කොටගෙන තිසරණ සරණ තුළ පිහිටා සිටීමට වීරිය ගත යුතු බවයි. එමෙන්ම ශ්‍රද්ධා රූපවාහිනිය ආරම්භයේ පටන් මෙම පස් අවුරුදු කාලය තුළ ශ්‍රද්ධා වාර්ෂික ධර්මදාන දායකත්වය දරමින් මෙම සුවිශාල ධර්ම ප්රචාරක සේවාවට ආධාර උපකාර කරන සියලු පින්වතුන්ට ආශීර්වාද කොට පින් අනුමෝදන් කරන ලද අතර විශේෂ පුණ්යාවර්ජනා වීඩියෝ පටයක් ද විකාශය කරන ලද්දේ ශ්‍රද්ධා රූපවාහිනිය මගින් මෙතෙක් සිදුකළ ධර්ම ප්රචාරක සේවාව සහ සමාජ සත්කාර සේවාවන් සියලු දෙනාට සතුටින් අනුමෝදන් වීම පිණිස ය.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ දී පැවැත්වෙන මෙම මාසික දහම් වැඩසටහන තුළින් මෙතෙක් කල් පටිච්ච සමුප්පාදය, පංච උපාදානස්කන්ධය ආදී ගැඹුරු දහම් කරුණු පිළිබඳව බුද්ධ දේශනා ඇසුරින් උගන්වනු ලැබිණි. ඉදිරියේදී ද ඔබට මෙම දහම් වැඩසටහනට සහභාගී වීමෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු දහම් කරුණු ඇතුලත් සූත්‍ර දේශනා විස්තරාර්ථ සහිතව ඉගෙන ගැනීමේ ඉතා දුර්ලභ භාග්‍යය ළඟා කරගත හැකිය.
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ද සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. ඒ අනුව මෙම වර්ෂයේ පරිත්‍යාග කරන ලද සියලු පොත් කට්ටල් ගණන 197 කි. සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාට.....
පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ක්‍රියාත්මක කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මැදවච්චිය, කටුකැලියාව ගම්මානයේ ඉදි කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2017-12-16 වැනි දින සිදු විය.