නවතම පුවත්

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.

2018-11-01T18:14:58+05:30May 19th, 2015|නවතම පුවත්, සදහම් පරිත්‍යාග|

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 15 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය වෙසක් මස 17 වන දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි.

Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.

කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවෙහි වෙසක් පුන් පොහෝ දින පැවති ළමා පිරිත් සජ්ඣායනය

2016-11-08T10:09:58+05:30May 7th, 2015|News, නවතම පුවත්|

වර්ෂ 2559 ක් වූ වෙසක් පුන් පොහෝ දින කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී ළමා පිරිත් කණ්ඩායමෙහි පළමු පිරිත් සජ්ඣායනාව පැවැත්විණි. මෙහිදී කුඩා දරුවන් 50ක් පමණ එක්ව පැය දෙකක පමණ කාලයක් පිරිත් පේකිරීම සහ මහ පිරිත සජ්ඣායනා කරන ලදී. එම කුඩා දරුවන් විසින් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව සජ්ඣායනා කරන ලද එම පරිත්‍රාණ ධර්ම දේශනාවෙහි හඬ පටය මෙහිදී ඔබට ශ්‍රවණය කළ හැකිය.

මහමෙව්නාවේ පින්බර වෙසක් මංගල්‍යය

2016-11-08T10:09:58+05:30May 4th, 2015|නවතම පුවත්|

බුදුරජාණන් වහන්සේ ගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස ඉදිකරනු ලැබූ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව මුළුමනින්ම විදුලි බුබුළින් වැසී යන පරිද්දෙන් අලංකාර කරනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ උදෙසා කෙරෙන ආමිෂ පූජාවක් ලෙසිනුයි. එමෙන්ම අසපුව පුරා වෙසක් කූඩු එල්ලා අලංකාර තිබූ අතර සම්බුද්ධ රාජ මාලිගාවේ සලපතල මළුවේ දර්ශනීය පහන් කූඩුවක් ද ඉදිකොට තිබුනා. මේ සියලු වෙසක් සැරසිලි වලින් මුළු මහමෙව්නාව භාවනා අසපුව පුරා අමුතුම සිරියාවක් ගෙන දුන්නා.

Comments Off on මහමෙව්නාවේ පින්බර වෙසක් මංගල්‍යය

ලේ දන් දීමේ පින්කම

2018-11-01T20:05:47+05:30April 5th, 2015|News, නවතම පුවත්|

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 17 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2015-04-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 200 කට අධික පිරිසක් තම රුධිරය පරිත්‍යාග කළා. ඒ සියලු දෙනාට ආහාරපානාදියෙන් ....

Comments Off on ලේ දන් දීමේ පින්කම

සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය 2015

2018-11-22T21:54:34+05:30March 28th, 2015|News, නවතම පුවත්|

සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය පුණ්‍ය‍ෝත්සවය නිමිත්තෙන් පැවති දේශයේ අලුත් සහල් අස්වැන්න බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ බක් පුර අටවක පෝ දින හෙවත්, ව්‍යවහාරික වර්ෂ 2015 මාර්තු මස 27 වැනි දින දී දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සම්පූර්ණ විය.

පුස්තකාලය සහිත සංඝාවාස ගොඩනැගිල්ල

2018-11-01T20:04:12+05:30March 27th, 2015|News, නවතම පුවත්|

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නයේ පහසුව පිණිස ඉදිවූ පුස්තකාලය සහිත සංඝාවාස ගොඩනැගිල්ලේ කටයුතු සඳහා දායකත්වය ලබාදෙමින් ගෞතම බුදු සසුනේ දියුණුව වෙනුවෙන් තම ධනය හා ශ්‍රමය යෙදවූ එම සැදැහැවතුන් සැමට අපගේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව!

අභිනව දාන ශාලාව සඳහා ආසන පූජා කිරීමේ පින්කම

2018-11-01T18:42:08+05:30January 31st, 2015|News, නවතම පුවත්|

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නය උදෙසා ඉදිවෙමින් පවතින අභිනව දාන ශාලාව සඳහා ආසන 250 ක් පූජා කිරීමේ මහඟු පින්කම පසුගිය ජනවාරි මස 31 වන දින සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේදී සිදු කෙරිනි.

Comments Off on අභිනව දාන ශාලාව සඳහා ආසන පූජා කිරීමේ පින්කම
Go to Top