කොරෝනා (COVID 19) වසංගතයෙන් අප මාතෘභූමිය ගලවාගනු පිණිස කැපවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහයවීමට ආරම්භ කළ ‘මව්බිම වෙනුවෙන් එක්වෙමු’ වැඩසටහන මගින් පේරාදෙණිය ශික්ෂණ රෝහල සඳහා දුරස්ථ සන්නිවේදන කට්ටල ලබා දීම 2020-04-09 දින සිදු වූ අතර 2020-04-10 දින මහරගම ශික්ෂණ රෝහලට ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීම සිදුවිය. මේ උතුම් කටයුත්ත සාර්ථක කර ගැනීම පිණිස ඉතාමත් මෙත් සිතින් දායකත්වය ලබා දුන් සෑම සියලු දෙනාටත්, මේ සඳහා සම්බන්ධ වූ ආයතනවල සියලු කාර්ය මණ්ඩලවලටත් , එම පවුල්වල සියලු ඥාති හිතමිත්‍රාදීන්ටත් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායු සම්පත් සැලසෙත්වා .! උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
Related Posts
One Comment
Comments are closed.
කල්‍යාණමිත්‍රයන් වහන්සේලා නිසාවෙන් මෙලොවත් පරලොවත්, සසරෙන් එතෙර වන තාක් කල් , සෙතක්මයි සැලසෙන්නේ…! සාදු! සාදු! සාදු!