Covid – 19 රෝගීන් උදෙසා නේවාසිකව සිට ප්‍රතිකාර කීරීමට සිදු වී ඇති රෝහල් කාර්ය මණ්ඩලයේ සැමට පහසුවක් වනු පිණිස රෝහල් පරිශ්‍රයේදී ම ආහාර සකසා ලබාදීමට නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂකතුමන් වන වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ඇතුළු රෝහලේ වෛද්‍යවරුන් විසින් වැඩපිළිවෙළක් දියත් කර තිබේ. එම වැඩපිළිවෙළ සාර්ථකව සිදු කිරීම පිණිස ‘මව්බිම වෙනුවෙන් එක්වෙමු’ වැඩසටහනේ තවත් එක් පුණ්‍යකර්මයක් ලෙස දින 21කට අවශ්‍ය සහල්, පරිප්පු, පොල්තෙල්, අල, ළූණු, ලුණු ආදී අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ලබාදීම 2020-04-07 වන දින දී ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ දී සිදුවිය. මෙම පරිත්‍යාගය සිදු කළ පැල්මඩුල්ලේ ආනන්ද ජෙම්ස් ආයතනයේ අධිපති පින්වත් තිස්ස ආනන්ද මහතාටත්, සම්බන්ධීකරණයෙන් දායකත්වය දැක්වූ ඩිශාන් ගුණසේකර මහත්මාටත්, ශමින්ද්‍ර රාජපක්ෂ මහත්මාටත්, ලෝලිත චමින්ද විජේකෝන් මහත්මාටත්, ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ක්‍රියාත්මක කරන ‘මව්බිම වෙනුවෙන් එක්වෙමු’ පුණ්‍ය අරමුදලට පරිත්‍යාග කරන සැදැහැවත් සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනා වෙත්වා! උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුනු වසංගත තත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා !