පැතිර යන කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම පිණිස, අෂ්ටාංග උපෝසථ සීලය වැනි උසස් සීලයක හික්මෙමින් පහත පිළිවෙත සිදුකරන්න.

කොහොඹ තෙල් මිශ්‍ර කරගත් පහන් තුනක් දල්වන්න. එක් පහනක් බුදුරජාණන් වහන්සේ උදෙසාත්, දෙවන පහන අංගුලිමාල මහරහතන් වහන්සේ උදෙසාත්, තුන්වන පහන බක්කුල මහරහතන් වහන්සේ උදෙසාත් පූජා කරන්න.

උදේ සහ සවස තෙරුවන් වන්දනා කොට රතන සූත්‍රය, ඛන්ධ පිරිත, අංගුලිමාල පිරිත සජ්ඣායනා කොට මෙම සෙත් පැතීම සිදුකරන්න.

“අපගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සත්‍යානුභාව බලයෙන් අප රටේ පැතිර යන වසංගත භය දුරුවේවා!
අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් තේජානුභාව බලයෙන් මේ වසංගත රෝගය වහා දුරුවේවා!
අපගේ බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් ආනුභාව බලයෙන් වසංගත රෝගීන්ට වහා සුව ලැබේවා!”

(ඒ වගේම සුදුළුෑණු පොතු, රතුළුෑණු පොතු, ලොකුළුෑණු පොතු, කොහොඹ කොළ සහ අබ හොඳින් වියළාගෙන උදේ හවස මෙම පිරිත් සජ්ඣායනයට පෙර දුම් අල්ලන්න. නිවසින් පිටතට ගොස් නැවත පැමිණි විට ද දුම් අල්ලාගන්න.)