කන්තලේ මහමෙව්නාව භාවනා අසපු භූමියෙහි අභිනවයෙන් ඉදිකරන ලද ධම්මගිරි මහාසෑ රජාණන් වහන්සේ පසුගිය බිනර පුන් පොහෝ දින ගෞතම බුදු සසුනට පූජා කෙරුනා. එදින හිමිදිරි උදෑසන සෑ ගර්භය තුළ සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කෙරුන අතර සවස පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සෑ වන්දනාවක් පැවැත්වුනා.

මෙම සෑ රජාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රමයෙන් ධනයෙන් උදව් උපකාර කළ සියලු දෙනාටත් මෙම උතුම් පින්කම සාර්ථක කරගැනීම සඳහා අතහිත දුන් සියලු දෙනාටත් මේ සඳහා නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබාදුන් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝ රත්නයටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය පිණිස මේ පිණිස මේ සියලු පින් හේතුවාසනා වේවා!

සියල්ලෝම මේ උතුම් පුණ්‍ය කර්මය දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!