අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 26 ග්‍රන්ථය එළිදැක්වීම නමෝ බුද්ධාය! අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කරන ලද ධම්මපදට්ඨ කථාවෙහි අවසාන කොටස වන බ්‍රාහ්මණ වර්ගය එළිදැක්වීම මෙම මස 23 වනදා එනම් දුරුතු පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකිරීමට නියමිතයි. කලින් ධම්මපද විවරණ පොත්වල සඳහන්ව තිබුණේ යමක වර්ගයේ සිට භික්ඛු වර්ගය දක්වා පමණයි. මෙම පොතෙන් ධම්ම පදයෙහි අවසාන වර්ගය වන බ්‍රාහ්මණ වර්ගය විස්තර වෙනවා. බ්‍රාහ්මණ වර්ගයේ ගාථා හතළිස් එකක් ඇතුළත් වෙනවා. එම ගාථාවල සරල තේරුමත්, එම ගාථාවන් දේශනා කිරීමට හේතු වූ පසුබිම් කථාවත්, මෙම ධම්ම පදය පොත තුළ සටහන්ව තිබෙනවා. මෙහි දම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය හසුරුවා ගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද! Mahamevnawa Monastery2018-11-01T13:40:51+05:30January 14th, 2016|News, නවතම පුවත්|Comments Off on අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 26 ග්‍රන්ථය එළිදැක්වීම උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... FacebookXLinkedInWhatsAppPinterestEmail Related Posts මහමෙව්නාවේ වෙසක් අසිරිය – ශ්‍රී බුද්ධ වර්ෂ 2570 මහමෙව්නාවේ වෙසක් අසිරිය – ශ්‍රී බුද්ධ වර්ෂ 2570 June 4th, 2026 | 0 Comments “ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහාසෑයේ” මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මංගල්‍යය “ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහාසෑයේ” මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මංගල්‍යය April 27th, 2026 Walk for Peace සාම පාගමනේ පින්වත් ස්වාමීන් වහන්සේලා මාතලේ මහමෙව්නාව අසපුවට වැඩම කළ අවස්ථාව Walk for Peace සාම පාගමනේ පින්වත් ස්වාමීන් වහන්සේලා මාතලේ මහමෙව්නාව අසපුවට වැඩම කළ අවස්ථාව April 27th, 2026 යොවුන් දහම් සක්මන – 2026 යොවුන් දහම් සක්මන – 2026 February 16th, 2026 පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති සර්වරාත්‍රික 🪷 මහා සතිපට්ඨාන දේශනාව 🪷 පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති සර්වරාත්‍රික 🪷 මහා සතිපට්ඨාන දේශනාව 🪷 December 28th, 2025