පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-12-31 වන දින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වෙනුවෙන් සිදුකරන ලද විශේෂ ධර්ම දේශනය
ශ්රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සරණ ගිය අපිට කුමක්දෝ අපේම දෝසෙකට මෙහේ සිරගත වෙන්න වුනා. හැබැයි කුමක්දෝ පිනකට අපට ධර්මය ලැබෙන තැනත් මෙතනයි. ඔබ සමහර විට ගෙදර උන්නා නම් කවදාවත් අත්දෙක උස්සලා බුදුන් වදින එකක් නෑ. ඔබ සමහර විට ගෙදර උන්නා නම් කවදාවත් මේවගේ වාඩිවෙලා නිස්කලංකව බණ අහන එකක් නෑ. ඒ නිසා මොකක්දෝ පිනක් ඔබට පහල වුනා. එතකොට මේ හරියට උනුවතුරෙන් නෙළුම් මලක් පිපුනා වගෙයි. ඔබට මතක හිටින්න මම කරුණු දෙකක් තුනක් කියා දෙන්නම් ඒක අමතක කරන්න එපා.
බුදුරජාණන් වහන්සේ වදාළා මනුස්ස ජීවිතයක් ලැබීම දුර්ලභයි කියලා. ඒ වගේම බුදු කෙනෙකුන් පහළ වීම දුර්ලභයි. සද්ධර්මය අහන්ට ලැබීම දුර්ලභයි. එතකොට අපට මේ දුර්ලභය ලංවෙලා තියෙද්දි මේ මොකක්ද වුනේ? දුර්ලභ කරුණු ලංවෙලා තිබෙන බව අපිට කවදාවත් පුංචි කාළේ අපේ හිතට අපේ වැඩිහිටියෝ දැම්මේ නෑ. අපේ යාළු මිත්‍රයෝ අපට කිව්වේ නෑ දුර්ලභ මනුස්ස ජීවිතයක් උඹට ලැබිලා බුදු කෙනෙක් පහල වීම දුර්ලභයි ඒ අවස්ථාවේ උඹ ඉන්නේ, උඹට බණ අහන්න ලැබෙනවා කියලා කිව්වේ නෑ. හැබැයි ඒ නොකිව් දේ දැන් ඔබට ලැබුනා. ඒ වගේම පින්වත්නි අපට ලැබෙන්න ඕන දෙයක් තමයි රැකවරණය. ඒ රැකවරණය ඔබට ලැබෙන විදිය මං ඔබට කියන්නම්….
සියළු සත්වයන් කෙරෙහි පතල කරුණා ඇත්තා වූ ඒ සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා උතුම් තුනරුවන් බලයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කායික සුවයෙන් සුවපත් වෙත්වා, භිය උවදුරු නැත්තේ වෙත්වා, සුවපත් වූ සිත ද, කයද ඇත්තේ වෙත්වා. විංශත් සතවර්ෂාධික කාලයක් දිගාසිරි සම්පත් වළඳත්වා සාදු සාදු සාදු
හර්ද සාක්ෂිය අප වයසට ගිය දිනක උත්තර දෙන්න ඒවි…තෙරුවන් සරණ ගිය මගේ හදවත ඒ භාග්‍යවතුන් වහන්සේට පූජා කරමි.පූජා වේවා…
නමෝබුද්ධාය! මාගේ ගුරුදේව උත්තමයන් වහන්සේ වන පින්වත් ලොකුස්වාමින් වහන්සේට ගෞතම බුදුන් වහන්සේගේ ධර්මය තව තවත් ලෝකයේ පැතිරවීමට දිගායුෂ සම්පත්තිය ලැබේවා! තෙරුවන් සයණයි!