පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-10-16 වන දින බේරුවල මංගලාරාම විහාරස්ථානයේදී පවත්වන ලද ධර්ම දේශනය

පින්වත්නි, මම අදහස් කළා බෝධීන් වහන්සේ ගැනත්, බෝධි වන්දනාවේ වටිනාකම ගැනත් ඔබට කරුණු ස්වල්පයක් කියන්න. මේ බෝධින් වහන්සේ, අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මහපොළොවෙන් පැන නැගිච්ච පූජනීය වස්තුවක්. අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස මව් කුස පිලිසිඳ ගත්තේ දෙවියන්ගේ ආරාධනාවෙන්. අසංඛෙය්‍ය කල්ප හතරකුත්, කල්ප ලක්ෂයකුත් උන්වහන්සේ පාරමී ධර්ම පිරුවා. උන්වහන්සේ පාරමී පුරපු අන්තිම අවස්ථාව තමයි වෙස්සන්තර ආත්මේ. ඒ වෙස්සන්තර ආත්මේ පාරමී ධර්ම සම්පූර්ණත්වයට පත් වුනා. ඊට පස්සේ උන්වහන්සේ උපන්නේ තුසිත දිව්‍ය ලෝකයේ. දැන් මේ එක එක්කෙනා කියනවා දෙවියෝ නැත, දිව්‍ය ලෝක නැත, මනුස්ස ලෝකෙටම එන්න ඕනේ ධර්මය අවබෝධ කරන්න, දෙවිවරු අබ්භගාතයි කියලා. ඒ දෙවියන්ට ගරහන නීච මිනිස්සුන්ගේ ලෝකේ තමයි අපි මේ ඉන්නේ. එතකොට අපේ මහා බොධිසත්වයෝ වැඩ හිටියේ තුසිත දිව්‍ය ලෝකයේ. තුසිත දිව්‍ය ලෝකයේ සිටිය බෝධිසත්වයන්ගේ නම සන්තුසිත. දැන් මෛත්‍රී බෝධිසත්වයෝත් තුසිත දිව්‍යලෝකේ ඉන්නේ. දැන් මෛත්‍රී බෝධිසත්වයන්ගේ නමත් දැන් සන්තුසිත.

ඉතින් ඒ සන්තුසිත දිව්‍ය රාජයා හට දස දහසක් සක්වලවලින් දෙවියන් බඹුන් ඇවිදින් ආරාධනා කළා මහා වීරයන් වහන්ස, දැන් මව් කුසේ උපදින්ට ඔබවහන්සේට කාලයයි, දෙවියන් සහිත ලෝකයාව එතෙර කරවමින්, අමා මහ නිවන අවබෝධ කරන සේක්වා කියලා ඇරයුම් කළා. දෙවිවරු තමයි ආරාධනා කළේ. මනුස්ස ලෝකේ කවුරුත් තුසිතෙට ගියේ නෑ අාරාධනා කරන්න. ඊට පස්සේ ඒ සන්තුසිත දිව්‍යරාජයා ආරාධනාව භාරගෙන ඉස්සෙල්ලාම බැලුවා කරුණු පහක්. බුදුවරයෙක් පහළ වෙන්න මේ සුදුසු කාලය ද කියලා බැලුවා. මේ කාලේ පින්වත්නි, බුදුවරු පහළ වෙන්නෙ නෑ. මෙකල හරි මෝඩයි මනුස්සයෝ. දැන් මං කීවොත් එහෙම මේ බේරුවල බුදුන් පහළ වුනා කියලා කට්ටිය හා… අපේ ගමේ බුදුරජාණන් වහන්සේ උපන්නේ කියලා සතුටුවේවි. එච්චර මෝඩයි……..

සම්පූර්ණ ධර්ම දේශනය

මෙහි වීඩියෝ ධර්ම දේශනාව නැරඹීම සඳහා පිවිසෙන්න >> ශ්‍රී මහා බෝධීන් වහන්සේ (වීඩියෝ)