2018-12-30 දින පැවති බුද්ධගයා මහා සෑ රජුන් ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය
පින්වත්නි, අද අපි මේ තැන්පත්ව සිටින්නේ නේරංජනා නදිය අසබඩ අලුතින් ඉදිකළ බුදු නුවණ සෑ රජුන් ළඟයි. බුදුනුවණ සෑරජාණන් වහන්සේ මේ බුද්ධ ගයාවට ම මහ අසිරියක්. අපේ බුදුරජාණන් වහන්සේ මොනතරම් මේ නේරංජනා නදියෙන් පැන් පහසුවෙන්න අැත්ද. මේ පලාතේ මේ වැලිතලාවේ උන්වහන්සේ මොනතරම් සක්මනේ වඩින්න ඇත්ද. මේ එහා පැත්තේ ගම්මානේ තමයි සේනානි ගම. උරුවෙල් දනව්වේ සේනානි ගමට උන්වහන්සේ පිඩු සිඟා වැඩියා. මේ නදියේ තමයි පාත්‍රය පා කොට හැරියේ. ඉතින් ඒ නදිය අසබඩ මේ අලංකාර සෑ රජුන් නිර්මාණය වෙලා අපිට මේ වන්දනා කරන්න ලැබෙනවා. බුද්ධගයා පුණ්‍ය භුමිය වන්දනා කරන්න මනුස්සයකුට ලැබීම දුර්ලභ අවස්ථාවක්. වජිරාසනය නළල තබා වන්දනා කරන්න ලැබීම දුර්ලභ අවස්ථාවක්. මේ සියලු පින්කම් වන්දනා අපේ ජීවිතයේ ලැබෙන දුර්ලභ අවස්ථාවක්. අපට මේ දුර්ලභ අවස්ථාව බොහොම දුක සේ ලැබෙන්නේ. දැන් බලන්න අවුරුදු දහස් ගණනක්, අවුරුදු 1500 ක් වගේ කාලයක් ලංකාවාසින්ට දඹදිව වන්දනා කරන්න ලැබුනේ නෑ. සුද්දන්ගේ කාලේ තමයි විශේෂයෙන්ම ලංකාව ඉන්දියාව එක රටක් හැටියට පාලනය කලේ. ඒ කාලේ අහම්බෙන් මේ විස්තර අහලා අනගාරික ධර්මපාලතුමා දඹදිව වන්දනාවේ ආවා.
ඊටපස්සේ තමයි මේ ලෝකවාසින්ට දඹදිව වන්දනාව කරගන්න අවස්ථාව ලැබුනේ. ඒත් ලොකූ පිරිසකට ඒ අවස්ථාව ලැබුනේ නෑ. බොහෝම දුකසේ අනගාරික ධර්මපාලතුමා බුද්ධගායාවේ ධර්ම ශාලාවක් හැදුවා. ඉස්සර මිනිස්සු ගයාවට කෝච්චියෙන් ඇවිල්ලා එතන ඉඳලා කරත්තවල තමයි බුද්ධ ගයාව වදින්න අැවිල්ලා තියෙන්නේ. දඹදිව වන්දනාවේ පැමිණීම මේ මෑත කාලයේ ඇතිවෙච්ච එකක්. ඒ කියන්නේ මම අහලා තියනවා ඉස්සර මිනිසුන්ට වන්දනාවේ එන්ට මෙච්චර පහසුකම් තිබුනේ නෑ. හරි හමන් පාරවල් තිබුනේ නෑ. බොහෝම සුළු පිරිසකට පොඩි කාලෙකට ලැබෙන අවස්ථාවක්. මේ අවස්ථාවටත් හෙනහුරා කෙටුවා ලංකාවේ බුදුන් උපන්නා කියලා. ඒ නිසා දඹදිව වන්දනාවේ යන්න හිතාගෙන හිටපු බොහෝ පිරිසකට ඒ දුර්ලභ භාග්‍යය අහිමි වුනා…..
සම්පූර්ණ ධර්ම දේශනාව ඉහත වීඩියෝවෙන්…..
Leave A Comment