පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-03-12 වන මැදින් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී අංගුත්තර නිකාය 4 මහා වර්ගයට අයත් පුරිසින්ද්රියඤාණ සූත්‍රය ඇසුරෙන් පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි.
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද මැදින් මස පුන් පොහෝ දවසේ අපි සියලු දෙනා අපගේ ශ්රාස්තෘන් වහන්සේ වදාළ උතුම් ධර්මය අසන්ටයි මේ සූදානම් වෙන්නේ. ධර්මය ඇසීමේදී අපි විශේෂයෙන් මහන්සි ගන්ට ඕනේ ඒ අසන ධර්මයෙන් උදව්වක් උපකාරයක් ගැනීමටයි. ඒ කියන්නේ ධර්මය අසන්ට ඕනේ තමන්ට පිහිටක් ලබා ගැනීමටයි. ඒ පිහිට ලබාගන්න අදහසින් ධර්මය ඇසුවොත් ඒ ධර්මයෙන් පිහිට ලබාගන්ට තියෙන තැන් තමන්ගේ හිතට වැටෙනවා. ඒ නිසා අපි හැමතිස්සේම හොදට මතකතියාගන්ට ඕනේ මේ ධර්මය අපි අසන්නේ අපට පිහිටක් ලබාගන්ටයි. ඒකට කියනවා ධර්මය සරණයනවා කියලා. ඒ සරණ ගියොත් තමයි අපට ඒ උපකාරය තියෙන්නේ.
අද අපි ඉගෙන ගන්නේ හරී ලස්සන දේශනාවක්. ඔබ අපි කවුරුත් දන්නවා අපි සරණගිය අපගේ ශාස්තෘන් වහන්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥා මහිමය, උන්වහන්සේගේ අවබෝධය, උන්වහන්සේගේ ඥානය අපට හිතාගන්ට පුලුවන් එකක් නෙවෙයි. ඒ උන්වහන්සේගේ අවබෝධය නිසා තමයි අපට යන්තං හරි පිහිටක් ලබාගන්ට ඇහැක් වෙන්නේ. මේ දේශනාව සදහන් වෙලා තිබෙන්නේ අංගුත්තර නිකායේ හයවෙනි නිපාතයේ. මේ දේශනාවේ නම පුරිසීන්ද්රියඤාණ සූත්‍රය. ඒ කියන්නේ මේ සත්වයන් තුළ තියෙනවා අමුතු හැකියාවක්. ඒක ගැන විස්තර කරපු දේශනාවක්. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ දේශනාව අහන්ඩ ඉස්සරවෙලා අපගේ ශාස්තෘන් වහන්සේගේ ධර්මයට උදව්වෙන කාරණයක් අපි ඉගෙන ගමු….
● ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න »
Leave A Comment