මින් විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වය පතනු මැනවැයි කියා දෙවියන්ගෙන් ඇරයුම් ලැබූ මොහොතේ පටන් මින් වසර දෙදහස් පන්සිය හැට දෙකකට පෙර පහන් සිලක් නිවී යන සේ පිරිනිවන් වැඩි මොහොත දක්වා අසිරිමත් සම්බුදු දිවියේ තොරතුරු (සංක්ෂේපයෙන්) විස්තර කරමින් විශේෂ දහම් වැඩසටහනක් 2018-05-26 වන දින රාත්‍රී 8 සිට රැය පහන්වන තුරු පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පැවැත්වුනා.
දහස් සංඛ්‍යාත පිරිසකගේ සිත් සතන් තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැදැහැ බැතිපෙම් උපදවමින් මෙම අසිරිමත් දහම් වැඩසටහන මෙහෙයවන ලද්දේ පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසිනුයි. රැය පහන්වන තුරු පැවති එම සදහම් දෙසුම කොටස් වශයෙන් ඔබට මෙහිදී ශ්‍රවණය කළ හැකියි.
● අසිරිමත් සම්බුදු තෙමඟුල් වර්ණනාව »
අසිරිමත් සම්බුදු තෙමඟුල් වර්ණනාවෙහි වීඩියෝ නැරඹීම සඳහා මෙතනින් පිවිසෙන්න
pin sidu wewe