2018-05-12 දින සිට සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය දහම් කතිකා මාලාවේ පළමුවන සාකච්ඡාව

මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවන්
————————————————————-

  • එදා සහ අද ධර්ම කථාව සිදුවන ආකාරය අතර වෙනස 1:50
  • තමන් අවබෝධ කරගත් දේ අන් අයට කීම වරදක් ද? 6:40
  • සමස්ත සමාජයේ ම වත්මන් පරිහානිය 11:35
  • තමන් මගඵල ලැබූ බව අන් අයට ප්‍රකට කළ යුතුද? 14:25
  • මේ ධර්මය සන්දිට්ඨික නම් අකාලික නම් මෙකල මගඵල ලැබිය නොහැක්කේ මන්ද? 20:45
  • මෙකල ලෝකයේ අඛණ්ඩව පැවත එන රහත් සඟ පරපුරක් තිබෙනවද? 25:48
  • දහම් මග වැඩීමට සීලය අත්‍යාවශ්‍ය නැද්ද? 26:50
  • පටිච්ච යන්නෙහි අර්ථය 30:40
  • සිතුවිලි වේගය පාලනය කරගත හැකි ක්‍රමවේදය 32:20
  • විභව තණ්හාව යනු කුමක්ද? 37:30
  • ඝෝෂිතාරාමයේ කලහය සංසිඳුණු හැටි 41:30
  • දරුවෙක් මව්කුසේ සිටියදීත් චේතනාත්මකව කර්ම රැස්වෙනවාද? 50:00
  • ප්‍රමුදිත භාවය යනු කුමක්ද? 53:20
  • ශූන්‍යත්වය යනු කුමක්ද? 55:00
  • විතර්ක විචාර රහිත සමාධිය 58:30
  • ඉරිසියාව නිසා මිනිසුන් තුළ පැන නැගී ඇති ප්‍රශ්න 1:04:50
  • ධර්මය අවබෝධ කරන පුද්ගල කොටස් තුන 1:08:00
  • රටක් විදිහට ධර්මය තුළින් අප ඉදිරියට යා යුත්තේ කෙසේද? 1:14:50
  • බුදු බව පැතීම 1:16:45
  • ධර්ම විනයට ගරු නොකළහොත් වෙන දේ 1:20:00

මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.

ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.