සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය දහම් කතිකා මාලාවේ දෙවන සාකච්ඡාව

මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවන්
————————————————————–

1. නිසැක ධාතූන් වහන්සේලා 2:00

2. සම්බුද්ධ පරිනිර්වාණයේදී ධාතු බිඳී යාම 10:30

3. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 16:00

4. බණ කීමේ සහ බණ ඇසීමේ වත්මන් විකෘතිය 21:00

5. භූතාන් මිනිසුන්ගේ සන්තුෂ්ටිය පිළිබඳ මිථ්‍යාව 25:00

6. මන්ත්‍ර අත්හදා බැලීම 29:20

7. දේවාලවලින් පිහිට පැතීම සහ දේවාල හැදෙන හැටි 34:50

8. රහතන් වහන්සේලා ධාතු පූජා පවත්වද්දි පින් රැස්වෙනවද? 46:00

9. ඤාති වියෝගයෙන් ශෝක නොවී සිටින්නේ කොහොමද? 52:50

10. දෙව්ලොව ඉපදීම ධර්මාවබෝධයට බාධාවක් ද? 56:30

11. අනුසය යනු මොනවාද? 1:01:30

12. දෙව්ලොව ඉපදීමට කළයුත්තේ කුමක්ද? 1:06:40

13. වර්තමානයේ සිදුවන සද්ධර්ම විකෘතීන් 1:10:50

14. භාවනාව යනු තමා විසින් තමාව මෝහනය කරගැනීමක් ද? 1:17:25

15. අසූහාර දහසක් ධර්මස්කන්ධය සහ සුදුසු කාලය 1:21:10

මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.

ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.