සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය දහම් කතිකා මාලාවේ තුන්වන සාකච්ඡාව

මෙම දහම් කතිකාව තුළදී සාකච්ඡාවට බඳුන්වන ගැටලු
——————————————————-
බොහෝ අය බණ භාවනා කරන විට සිත තැන්පත් වීමෙන් හෝ මෝහනයට පත්වීමෙන් පෙනෙන නිමිති හේතුකරගෙන සැබෑවටම ධ්‍යාන, මගඵල නොලබා තමන් ධ්‍යාන, මගඵල ලැබුවා කියා මුළාවන්නේ ඇයි? 03:00

සතර ආරක්ෂක භාවනාවන් වැඩීමෙන් මෙම මුළාවෙන් මිදිය හැකිද? 22:00

චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ ඇත් පියවර උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දීපු පණිවිඩය කුමක්ද? 28:00

බුදු සසුන තුළ වැඩිහිටි බව සලකන්නේ මගඵල තුලින් ද? එසේ නොමැති නම් පැවිදි උපසම්පදා අනුපිළිවෙළ තුළින් ද? 31:00

මේ ජීවිතයේදී සෝවාන් ඵලයට පත්වී දෙව්ලොව උපන් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැති කාලයක මිනිස් ලොව ඉපදිය හැකිද? 36:00

“බුද්ධ ශාසනයේ මුල් කාලයේ විකාල භෝජන ශික්ෂාපදයක් පනවා තිබුනේ නෑ. එය යම් යම් හේතු නිසා පසුකාලයක පැනවූ ශික්ෂාපදයක්” කියා ඇතැම් අය පවසනවා. මෙහි සත්‍යයක් තිබේද? 42:00

“කෙස් ගාණට මහණ කරනවා. අං ගාණට ඉතුරු වෙනවා” කියලා කථාවක් තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් අය මහණ කළත් බොහෝ පිරිසක් සිවුරු හැර යනවා. සුළු පිරිසක් තමයි ශාසනය තුළ ඉතුරු වෙන්නේ. මෙයට හේතුව කුමක්ද? 44:00

“කෙනෙක් භාවනා කරද්දී එයාගේ මනෝකය පිටවෙලා ශරීරයට අමනුෂ්‍යයෝ රිංගනවා” කියලා ඇතැම් අය කියනවා. එහෙම නොවී භාවනා කිරීමට වෙනත් ආරක්ෂිත ක්‍රමවේදයක් තිබෙනවාද? 54:00

සෝවාන් වීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් වැඩිය යුත්තේ සමථ භාවනාව ද? විදර්ශනා භාවනාව ද? ඒ සඳහා ශ්‍රද්ධාව දියුණු කරගත යුත්තේ කෙසේද? පංච සේඛබල ධර්මයන්ට අයත් ශ්‍රැතය යනු කුමක්ද? 1:00:00

ධර්මය මෙනෙහි කිරීමට කොතරම් උත්සාහ කළත් ඇතැම් අවස්ථාවල සිතේ රාගය හටගන්නවා නම්, ඇතැම් අවස්ථාවල ගුණවන්ත අය කෙරෙහි පවා රාගය හටගන්නවා නම් එය දුරු කිරීමට කළයුත්තේ කුමක්ද? එවැනි අවස්ථාවක මරණයට පත්වුනොත් ඊළඟ උපත කොයි ආකාරද? 1:19:00

සිය දිවි හානිකරගැනීම සහ දිවි පිදීම පිළිබඳ ධර්මානුකූළව පහදා දිය හැකිද? 1:23:00

මහමෙව්නාවෙන් අභිධර්මය ප්‍රතික්ෂේප කරනවා කියා බොහෝ දෙනෙක් චෝදනා කරනවා. එය සත්‍ය ද? අභිධර්මය බුද්ධ දේශනාවෙක් නොවේද? 1:32:00

සූරියවැව මහමෙව්නාව භාවනා අසපුවේ ඉතිහාසය 1:42:00

අනවින කොඩිවින හදිහූනියම් ඇත්තද? එවැනි විපතකට පත්වූ කෙනෙකුට කට්ටඩියන්ගේ උපකාරයෙන් තොරව ධර්මයෙන් පිහිටක් ලබාගත හැකිද? 1:45:00

යම් කිසි පැවිද්දෙක් රහත් නොවී තමන් රහත් යැයි පැවසීම බොහෝ දෙනෙකුට අහිත පිණිස පවතින ආකාරය 1:53:00

කෙනෙක් මේ ජීවිතය තුළ කැපවීමෙන් යුතුව ධර්ම මාර්ගය පුරුදු කරද්දී එයින් ප්‍රතිඵල නොලබාම මරණයට පත්වුවහොත් පරලොවදී ඒ පුරුදු කළ දේ ඔහුට උපකාරී වන්නේ කෙසේද? 1:57:00

පෙර ලක්දිව බුදු සසුන රහතුන්ගෙන් පිරී පැවතුනත් කෙමෙන් කෙමෙන් ලක්දිව ශාසන පරිහානිය පටන් ගත්තේ කෙසේද? 2:04:00

මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.

ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.