සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය ධර්ම සාකච්ඡා මාලාවේ දොළොස්වන සාකච්ඡාව
මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වුනු කරුණු
—————————————————————————
1. ධර්මය අවබෝධ කරන පුද්ගල කොටස් තුන 4:00
2. පදපරම පුද්ගලයන් 11:30
3. බුදුගුණ වරදවා විස්තර කිරීම 22:10
4. සමාජ මාධ්‍යජාල හරහා මඩ ගැසීම 27:10
5. නෙත්තිප්ප්‍රකරණයේ සඳහන් වන බුදුගුණ 33:15
6. සෝතාපත්ති අංග 37:20
7. ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය 41:50
8. ධර්මය සොයා යන කාලයේ මුහුණ දීමට සිදුවූ ඇබැද්දියක් 47:40
9. අසපුව යන්නෙහි අර්ථය 56:05
10. සප්ත බොජ්ඣංග 1:01:10
11. මලගිය ඤාතීන්ට පින් අනුමෝදන් කිරීම 1:06:00
12. දෙවියන්ට පින් අනුමෝදන් කිරීම 1:09:30
13. අමනුෂ්‍ය බලවේග ඇදහීම 1:10:35
14. දේවතානුස්සතිය වඩන හැටි 1:19:30
15. ලාභ සත්කාර පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව 1:27:15
16. බුදුගුණ මෙනෙහි කිරීමේ අනුසස් 1:37:35
17. වඤ්චක ධර්ම 1:41:40
18. සත්පුරුෂ භූමිය 1:46:40
19. සතර පටිසම්භිදා 1:53:50
20. රහත් – අරිහත් ??? 1:56:00
21. අනාගාමී අය මුදල් පරිහරණය කරනවාද? 1:57:30
මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.
ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.
පින්වත් ස්වාමීන් වහන්ස,
පින්වත් මහත්මයාණෙනි,
ඇතැම් මහාචාර්යවරැ මහා වංශයට පහර ගහන්න හරි කැමතියි. ඒ අතර භවුතික වාදීන් ද බාගෙට උගත් බටහිර දර්ශන වාදීන් මෙන් ම නවීන විද්‍යාව සරණගිය මහාචාර්ය වරැ ද සිටිති.
ඔවුන් ඩාවින්ගේ පරිණාම වාදය ගැන කථා කරති. අග්ගඤ්ඤ සූත්‍රය මග හරිති.
කලින් පැවති බුද්ධ සාසන පිළිබද මහා වංශයේ සදහන් විස්තරය මග හැර විජයාවතරණයේ සිට කථාකරති. සිංහයාගේ විස්තරය ගෙන සමස්ථ මහා වංශයට පහර ගසති.
සත්ත්වයන්ගේ ඉපදීම ගැන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ගැන අපට කියා දෙනු මැන. මිලින්ද ප්රශ්නයේ එන ගර්භ වක්රාන්තිය පිළිබද කියාදෙනු මැන.
රාවණා පුවත, යක්ෂ ගෝත්‍රික කථා ආදිය සමග පැටලී ඇත. වර්තමානයේ පවතින සිංහලයන් ට එල්ල වී ඇති බලපෑම් නිසා ඇතමෙක් රාවණා පුවත, අතීත තාක්ෂණයෙන් උසස් යක්ෂයන් ආදි කථාවලට ආසා කරති.
පින්වත් ස්වාමීන් වහන්ස, මේ උක්ත කාරණය සම්බන්ධව ද, ජාතිය ට නිවැරදි කිරීමට කාලය යි. අප කෙරෙහි අනුකම්පාවෙන් උක්ත කරැණු ද නිවැරදි කර සිංහලයන්ගේ ඉතිහාසය ගැන ද කථිකාවක් ඇති කරන සේක්වා.
මෙය දකින පින්වතෙක් මේ පිළිබද ව උන්වහන්සේ ට ආරාධනා කරන සේක්වා. එසේ කරන්නේ නම් බොහෝ පිං.
මම,
සුරංග වේවැල්වල