පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2019-05-18 වෙසක් පුන් පොහෝ දින කඩුවෙල, හේවාගම, මහමෙව්නාව බෝධිඤාණ අසපුවේදී වේළුද්වාරෙය්‍ය සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය

සංයුත්ත නිකායේ සෝතාපත්ති සංයුත්තයෙහි ඇතුලත් වේළුද්වාරෙය්‍ය සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද මෙම ධර්ම දේශනයෙහි තමන්ව උපමාවට ගෙන දහමෙහි හික්මිය යුතු ආකාරයත් එක් සිල් පදයක් තුළ තුන් ආකාරයකින් පිරිසිදු විය යුතු ආකාරයත් සෝතාපන්න ශ්‍රාවකයෙකු තුළ පිහිටන අංග සතර ගැනත් විස්තර වෙයි.

මේ ලෝකයෙහි වෙනත් කිසිදු ආගමක් සහා සම නොවන, වෙනත් කිසිදු ආගමක උගන්වනු නොලබන, හුදෙක්ම බුදුරජාණන් වහන්සේ නමක් විසින් ම දේශනා කරනු ලබන, සත්වයාව සැබෑ ලෙසින් සුගතියටත් නිවනටත් රැගෙන යන මෙවන් දහමක් උපතින් ම උරුම කරගන්නට සිංහල බෞද්ධයා ලද වාසනාව මෙතෙකැයි කිව නොහැක.

සම්පූර්ණ ධර්ම දේශනය

මෙහි වීඩියෝ ධර්ම දේශනාව නැරඹීම සඳහා පිවිසෙන්න >>