මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

ශ්‍රී මිහිඳු පුර අටවක පුණ්‍ය මහෝත්සවය

ශ්‍රී මිහිඳු පුර අටවක පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වප් මස 16 (ඔක්තෝබර් 16) වෙනි දිනට යෙදෙන “ශ්‍රී මිහිඳු පුර අටවක” පොහොය නිමිති කරගෙන ඔක්තෝබර් 13, 14, 15, 16 යන දිනයන්හි සවස 5.30 සිට රාත්‍රී 8.30 දක්වා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පැවැත්වේ. සවස 5.30 සිට 6.30 දක්වා – අරහන්ත වන්දනාව සවස 6.30 සිට රාත්‍රී 8.30 දක්වා – විශේෂ ධර්ම දේශනාව

September 29th, 2018|6 Comments

6-8. පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

“අනේ බලන්න ඇවැත්නි, අපේ පන්සීයක් භික්ෂූන් වහන්සේලා කිසිම දානමානයක් නැතුව වේරඤ්ජාවේ ඉතාම නිශ්ශබ්දව වැඩසිටියා. මෙහෙ වැඩියට පස්සෙත් මෙතරම් ප්‍රණීත දානමාන ලැබිලත් ඒ නිහඬ බවින්ම වැඩඉන්නවා. මේ කොළුගැටව් එහෙම නෙවෙයි. වේරඤ්ජාවෙ ඉන්දැද්දී පූස් පැටව් වගේ හිටියා. ඉන්නවද කියලා හොයාගන්න බෑ. දැන් මේ බත් පොඞ්ඩක් කාලා සැවැත් නුවර එක දෙක කරනවා. හරිම පුදුමයි.”

September 28th, 2018|1 Comment

6-7. කාණමාතාවගේ කථා වස්තුව

“අනේ හැබෑට... වයසක උන්නාන්සේලා හතර දෙනෙක් කැවුම්වලට ආස කරන්න ගිහින් වෙච්ච හදියක්! අපූරුවට හිටපු කාණාවගේ ජීවිතය අවුල් කළා! ඇගේ වාසනාවට බුදුරජාණන් වහන්සේ වැඩහිටියා... සම්බුදු මහිමය නිසා ඇයට ශ්‍රද්ධාලාභය ලැබුණා. දැන් ගඟ ගලන්නැහේ ඇය දන් පුදනවා. භික්ෂු, භික්ෂුණීන් හිතුමනාපේ දන් වළඳනවා. සම්බුදු ගුණය නම් ඒකාන්තයෙන්ම ආශ්චර්යයි!”

September 26th, 2018|Comments Off on 6-7. කාණමාතාවගේ කථා වස්තුව

6-6. ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ කථා වස්තුව

"'හා..... පොඩිනම. ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද?' කියලා අහනවා. එතකොට ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ අහිංසක විදිහට හිනා වෙනවා. භික්ෂූන් වහන්සේලා ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේට කේන්ති යන්නෙ නෑ කියලා හරියට ප්‍රශංසා කරනවා."

September 25th, 2018|2 Comments

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (5 කොටස)

භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය පිහිටියේ, බරණැසට ආසන්න සාරානාත්හි ය. බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද අතරින් කාසි රාජ්‍යයේ අගනුවර වූයේ බරණැස් නුවර හෙවත් වාරාණසී නගරය යි. බර්ණා සහ අසි යන ගංගා දෙක අතර පිහිටි බැවින් බාරාණසී නම් වූ අතර, සංස්කෘත භාෂාවෙන් වාරාණසී යනුවෙන් හැඳින්වෙන්නේ වරුණ සහ අසී ලෙස ගංගා නාමයන් සැලකීමෙනි. එම ගංගා දෙක සුප්‍රසිද්ධ ගංගා නදියේ ශාඛා දෙකක් වන අතර බරණැස් නගරයේ බටහිර දෙසින් ගංගා නදිය අදටත් ගලා බසී.

September 20th, 2018|2 Comments

ලේ දන්දීමේ පින්කම | 2018-09-09 (ඡායාරූප)

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 27 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම පසුගිය 2018-09-09 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනි. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 368 පමණ පිරිසක් තම රුධිරය පරිත්‍යාග කළහ. ඒ සියලු දෙනාට ආහාරපානාදියෙන් සංග‍්‍රහ කළේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුනුත් යොවුන් බෝධිඤාණ සභාවේ දරුදැරියනුත් විසිනි. එමෙන්ම රුධිරදායකයන් සියලු දෙනාටත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දහම් පොත් පත් සහ ධර්ම දේශනා ඇතුලත් සංයුක්ත තැටි ධර්මදානයක් ලෙස ලබාදෙන ලදී. “මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු” යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන අසරණ රෝගියෙකු මරණයෙන් ගලවා ගැනීම පිණිස තම රුධිරය පරිත්‍යාග කළ ඒ සියලු දෙනාටත් මේ පින්කම සාර්ථක කරගැනීම සඳහා අවවාද අනුශාසනා ලබාදුන් පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ආහාරපානාදියෙන් සංග්‍රහ කළ සියලු පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ඉතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ සියලු පින් හේතුවාසනා වේවා! සියල්ලෝම මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

September 11th, 2018|2 Comments

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 29

මේ අසදෘශ මහා දානේ ගැනත් කොසොල් රජ්ජුරුවන් ළඟ හිටිය ‘කාල’ කියන ඇමැතියට හොඳටෝ ම කේන්ති ගියා. එ්කාට කටින් කියන්ට විදිහක් නෑ. හිතෙන් බණින්ට පටන් ගත්තා. ‘හහ්… රටේ විසඳන්ට පුරස්න නැතිව ද මෙච්චර ධනය නාස්ති කොරන්නේ? මේ ධනයෙන් දුප්පත් ඈයොන්ට ගෙවල් හදා දෙන්ට තිබ්බා නොවැ.

September 2nd, 2018|2 Comments

සදහම් පොත් පරිත්‍යාග – 2018-08-25

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් පසුගිය නිකිණි පුන් පොහෝදා (2018-08-25) සදහම් පොත් කට්ටල් 6 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ, ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා රන්මැලි, ජින්නපුරම්, පුල්මුඬේ. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම, කොළඹ. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි, කුරුණෑගල පාර, මදුරගම, පුත්තලම. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන, මන්ඩතිව්, යාපනය. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ, ඩෙල්ෆ් දූපත, යාපනය. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව, කයිට්ස් දූපත, යාපනය. සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා! මෙම උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදීමට ඔබත් කැමති නම් වැඩි විස්තර දැනගැනීම සඳහා පිවිසෙන්න >> https://mahamevnawa.lk/book-donation/book-donation-how-to-donate/

August 28th, 2018|Comments Off on සදහම් පොත් පරිත්‍යාග – 2018-08-25

උතුම් මහරහතන් වහන්සේලාට වන්දනා කරන ගාථා

මෙහි සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ සහ මිහිඳු මහරහතන් වහන්සේ යන උතුම් මහරහතන් වහන්සේලාට වන්දනා කිරීම පිණිස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද ගාථා සහ එ්වායෙහි අර්ථ පද්‍යයන් ලෙසින් ඇතුලත් වේ. ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ තබාගැනීම සඳහා හෝ මුද්‍රණය කරගැනීම සඳහා මනරම් ලෙස සැකසූ පිටපතක් භාගත කරගැනීමේ පහසුකම ද මෙහි සලසා තිබේ.

August 24th, 2018|4 Comments
Go to Top