අපගේ පරම පූජනීය කල්‍යාණමිත්‍රයන් වහන්සේ වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකරන ලද ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය දෙව් මිනිසුන්ගේ වන්දනා මානන සඳහා විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ (2018-10-13) දිනයේදී පැවැත්වුනා.

මෙම අසිරිමත් මහා පින්කම සඳහා මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ද අනගාරිකා මෑණියන් වහන්සේලා ද දස දහස් සංඛ්‍යාත සැදැහැවත් පිරිසක් ද සහභාගී වුනා.

මෙම පින්කම ඔක්තෝබර් 16 වෙනි දිනට යෙදෙන ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය දක්වා සවස 5.30 සිට රාත්‍රී 8.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

ආශ්‍රිත සබැඳි:-
ශ්‍රී මිහිඳු පුර අටවක දිනය සහ ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය >>
සිරිලක එකළු කළ අසිරිමත් පහන් ටැඹ >>